බිග් බීගේ 2012 වර්ෂය

Thursday, 10 January 2013 - 12:30

%E0%B6%B6%E0%B7%92%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+2012+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BA


ගෙවුනු 2012 අවුරුද්ද සුපිරි නළු අමිතාබ් භච්චන්ට නම් එච්චර හොඳ එකක් වුණේ නැහැ. ආපහු පාරක් එහුගේ උදරයේ ශල්‍ය කර්මය කරන්න සිද්ධ වුණා. මීට අවුරුදු ගණනාවකට කලින් බිග් බී රගපාපු කකුලි චිත්‍රපටිය සටන් ජවනිකාවක අතරෙදි වුණු අනතුරක් නිසා තමයි ඔහු තාමත් මේ විදිහට අසනීප වෙන්නේ. හැබැයි දැන්නම් බිග් බී හොද සනීපෙන්.

අපි අන්තිමට ඔහුව ප්‍රධාන චරිතෙකින් දැක්කේ රාම් ගෝපාල් චර්මාගේ ඩිපාර්ට්මන්ට් චිත්‍රපටියෙන්. ඒ 2012 මැයි වලදී. ඊට පස්සේ බෝල් බච්චන්, ඉන්ග්ලිස් වින්ග්ලිස් චිත්‍රපටි දෙකේදීම ඔහු ආරාධිත රංගනයක් කළා.

ඔපරේෂන් එකෙන් පස්සේ විවේක සුවයෙන් ඉන්න බිග් බී මේ මාසේ අන්තිම වෙද්දී ආපහු වැඩ පටන්ගන්න යනවා කියලත් අපිට බොලිවුඞ්වලින් අරංචි වුණා.