Hirunews Logo
%22%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%AB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%22+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 12 January 2018 - 15:16
"සාර්ථකත්වයේ සෙවණැල්ලේ " ප්‍රධානියා වූ මාලිංග (ඡායාරූප)
269

Shares
32,369

Views
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධාන කරන වැඩමුළුවේ දෙවන අදියර එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

"සාර්ථකත්වයේ සෙවණැල්ල" ලෙසින් නම් කර තිබුණු මෙම වැඩමුළු මාලාවේ දෙවන අදියරේ ප්‍රධාන කථිකයා බවට පත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

සිසුන් සිය වෘත්තීමය ජීවිතය හැඩගසා ගන්නේ කෙසේද?, බාධක හමුවේ ඉදිරියට යන්නේ කෙසේද?, පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කර ගන්නේ කෙසේද?, වැනි මාතෘකා පාදක කරගනිමින් මෙම වැඩමුළුව දියත් කට තිබුණා.

ලසිත් මාලිංග ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස උකහා ගත් අත්දැකීම් විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දීම මෙම දේශනයේ ප්‍රධාන අරමුණ වුණා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top