Hirunews Logo
%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 14 March 2018 - 16:56
දැවැන්ත කිඹුලන් මැදිකරගෙන පවත්වන අමුතුම උත්සවය (ඡායාරූප)
16

Shares
2,007

Views
ලෝකයේම අවධානය යොමුවූ අමුතුම ආකාරයේ උත්සවයක් යළි ආරම්භ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම උත්සවය පැවැත්වෙන්නේ පකිස්තානයේයි.

මෙලෙස යළි ආරම්භ කර ඇත්තේ Sheedi mela නම් කිඹුලන් වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයයි.

පාකිස්තානයේ වෙසෙන ශීදී ජන සමාජය විසින් මෙම උත්සවය වසරක් පාසා සංවිධානය කරන මුත් පසුගිය වසර 7 ක් පුරා එය නොපැවැත්වීම විශේෂත්වයක්.

එම උත්සවය පසුගිය වසරවල නොපැවත්වුනේ ආරක්‍ෂිත හේතූන් මතයි.

ඔවුන් විශ්වාස කරන්නේ කිඹුලන් 'සුෆි' සාන්තුවර පිර් මැන්ග්හෝගේ නැවත පහළවීම බවයි.

පාකිස්තානයේ Karachi හි පැරණිතම සිද්ධස්ථානය වන Manghopir නම් දේවස්ථානය මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ ආකාරයට නැවත ආරම්භකළ මෙම සුවිශේෂ කිඹුල් උත්සවයට අතිවිශාල පිරිසක් සහභාගී වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top