Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 June 2018 - 10:37
සියල්ලන්ට ආදර්ශයක් දෙමින් සිදුකළ මුළු අහුන්ගල්ලම පැමිණි මංජුල සහ මාධවීගේ අමුතුම මඟුල මෙන්න (ඡායාරූප)
214

Shares
25,770

Views
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන් සහ දුම්වැටි සඳහා වැයවන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටු කොට විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේදී සිදුකෙරුනා.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප‍්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවෙසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතින්ගේ සහභාගිත්වයෙනුයි ඒවා විවෘත කෙරුනේ.

අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක‍්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සදහා ක‍්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබුනා.

මෙම පොදු සේවාවන් විවෘත කිරීමේ අවස්ථාවට බළපිටිය බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත‍්‍රි මූර්ති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පළාතේ දේශපාලඥයන් මෙන්ම කටුවිල කණිටු විදුහලේ විදුහල්පති ගුරුමණ්ඩලය සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනාල මහතාගේ පියාවූ ආචාර්ය පිටියගේ ජයසේන මහතා මෙසේ කීය.

මේ පාසලට ක‍්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. විදුහල්තිතුමා මීට මාස දෙකකට පමණ ඉහතදී මට කතා කරල කිව්වා ක‍්‍රීඩා පිටිය සකස් කර ගැනීමටත් පොඩි ක‍්‍රීඩා මණ්ඩපයක් හදා ගැනීමටත් අවශ්‍යයි කියල. මමත්, මගේ පියා වූ කොස්ගොඩ ගම් සභාවේ හිටපු උප සභාපති පිටියගේ දාවිත් අප්පුහාමි මහතාත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. මගේ පුතාගෙ විවාහ මංගල්‍යයට දින යොදා ගෙන තිබුණේ. මගුල් ගෙදර කටයුතු ගැන සාකච්ජා කරන විටදී අරක්කු සිගරැට් හා කට ගැස්ම වලට පමණක් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙන බව වැටහුණා. ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමත් සිහියට නැගුණා. අරක්කු වලට නිකරුණේ වැය කරන මුදලින් නැසී ගිය පුතාගේ සීයා සිහිවීමටත්. පුතා ඉගෙන ගත් පාසලටත්, ගමටත් සේවයක් ලෙස ක‍්‍රීඩාපිටිය, ක‍්‍රීඩා මණ්ඩපය හා බස් නැවතුම ඉදිකිරීමට තීරණය කළා.

අද මගුල් ගෙදරක් කරන විට දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරැට් වලට යන වියදම. එයින් ඇති ඵලයකුත් නැහැ. මම මේ යෝජනාව ගෙනා විට පුතා බොහොම සංතෝෂයෙන් කැමති වුණා. මෙම සේවාවන් ඉටුකිරීමට හැකිවිම ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොද ආදර්ශයක්. මතට තිත තැබිය හැක්කේ මෙවැනි කාරණා තුලින් විතරයි.

පළමුව මනාල යුවළ විසින් බස්නැවතුම පොළ විවෘත කරන ලද අතර දෙවනුව ක‍්‍රීඩාගාරයත් ක‍්‍රීඩා පිටියත් විවෘත කරනු ලැබූවා.

මනාලිය එවන ලද පන්දුවකට පහර දී ලකුණු හතරක් රැස් කරමින් මනාල මහතා ක‍්‍රීඩාපිටිය විවෘත කරනු ලැබුවේ කාගෙත් අත් පොළසන් හඩ මධ්‍යයේයි.

මේ අවස්ථාව දැක බලා ගැනීමට පාසල් සිසු සිසුවියන් මෙන්ම ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටීමත් විශේෂත්වයක්.

එම අවස්ථාව පහතින්.



(ඡායාරූප-ජනකාන්ත ලියලනගේ)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
963 Views
630 Views
5,961 Views
5,580 Views
150 Views
41,614 Views
Top