Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%22%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%22++%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 22 July 2018 - 16:27
රාජ්‍ය නායකයින් ආරක්ෂා කළ "ඩොලී" මඩකලපුවේදී අවසන් ගමන් යයි (ඡායාරූප)
56

Shares
6,728

Views
රාජ්‍ය නායකයින් ආරක්ෂා කළ "ඩොලී"  මඩකලපුවේදී අවසන් ගමන් යයි (ඡායාරූප)

මඩකලපුව පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසි කිරීම්වල  නිරතව සිටි 'ඩොලී' නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21) මියගිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 2011 වසරේ මහනුවර පොලීසියට අනියුක්ත කිරීමෙන් පසු  පුපුරණ ද්‍රව්‍ය  ඇතුළු වෙඩි බෙහෙත් සෙවීමේ විශේෂ පුහුණුව ලබා සිටි  නිල සුනඛයෙක්.

මෙම සත්වයා 2010 වසරේදී නෙදර්ලන්තයේ උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලී 2012 වසරේදී මඩකලපුව පොලීසියට අනියුක්ත කර ඇති අතර වසර 07ක් තුළ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් 200කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදුකර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ජනපති, අගමැති ඇතුළු රාජ්‍ය නායක සංචාරවලදී විශේෂ ආරක්ෂක සේවයේ ද මෙම සුනඛයා නිරතව තිබෙනවා.

මෙම සත්වයාගේ අවසන් කටයුතු ආගමික වතාවත්වලින් අනතුරුව පොලිස් උපහාර මධ්‍යයේ සිදුකළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



 ඡායරූප - මඩකලපුව, ජවුෆර් ඛාන්
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
Hiru News Programme Segments
669 Views
285 Views
5,871 Views
5,494 Views
83 Views
41,255 Views
Top