Hirunews Logo
%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
Thursday, 23 August 2018 - 16:57
දරුවන් සිටියත් රෝහලේ තනි වූ අසරණ පියවරුන් දෙදෙනා
9

Shares
1,088

Views
අවුරුදු දෙකයි මාස හතක කාලයක් පුරා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින මහලු පියවරුන් දෙදෙනෙකු පිළිබද පුවතක් හලාවත මාදම්පේ ග්‍රාමීය  රෝහලෙන් වාර්තාවනවා.

දරුවන් සිටින බව මෙම පියවරුන් දෙදෙනාම ප්‍රකාශ කලත් මොවුන් දෙදෙනා රෝහල් ගතව අවුරුදු දෙකක් හා මාස හතක කාලයක් ඉක්ම ගියත් මේ දෙදෙනාගේ කිසිවෙකු රෝහලට පැමිණ මේ දෙදෙනා පිළිබද තොරතුරු සොයා බලා නොමැති බව වාර්තා වන්නේ.

මේ දෙදෙනාගෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් මාදම්පේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රත්නායක නමැති පියා බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි බව පවසන අතර ඔහුගේ වයස අවුරුදු පනස් හයක් බවද පවසනවා.
 
මෙම පියා හලාවත ප්‍රධානතම ආයතනයක පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර අංශභාග රෝගය වැලදීමෙන් පසු වතු පාලකයන් මේ පියා හලාවත මහා රෝහලට ගෙනවිත් දමා ගොස් තිබෙනවා.

ඉන් පසු කිසිදු සොයා බැලීමක් කර නොමැති අතර රෝහලෙන් කල දැනුම්දීම් වලින් පසුද මොහු නැවත භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් අනතුරුව හලාවත මහා රෝහලෙන් මෙම පියා මාදම්පේ ග්‍රාමීය රෝහලට එවා තිබෙනවා.

එදින සිට මාදම්පේ රෝහලේ සියලු කාර්යය මණ්ඩලය තමන්ගේ පියෙකුට මෙන් මොහුට සලකා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගෙවුණු වසර දෙකේ සිංහල අවුරුද්දේදී මෙන්ම නත්තලේදී ද මෙම පියාට තෑගි භෝග ලැබී ඇත්තේ රෝහල් කාර්යය මණ්ඩලය මගින්.

මිට මස හතකට පෙර හදිසි අනතුරකට ලක්වීමෙන් පසු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මාදම්පේ ග්‍රාමීය රෝහලට ඇතුලත් කර සිටින අනෙක් පියා මාතලේ කරුණාදාස ලෙස හදුන්වන අතර ඔහු ප්‍රකාශ කලේ තමාගේ වයස අවුරුදු අසුවක් බවයි .

මේ දෙදෙනාටම අහාර පාන හා ඇදුම් පැළදුම් හා අනෙකුත් අවශ්‍යතා රෝහල්කාර්ය මණ්ඩලය චිසින් සපයනවා.

මේ දෙදෙනා පිලිබදව මාදම්පේ රෝහල විසින් මාදම්පේ පොලිසියට හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,968 Views
1,098 Views
6,700 Views
6,508 Views
65 Views
45,244 Views
Top