Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 24 August 2018 - 13:57
ලෝකෙම බලා සිටියදී සරාගී සනී අසභ්‍ය චිත්‍රපට නිළියක් හා ගණිකාවක් අතර වෙනස පෙන්වූ හැටි මෙන්න
31

Shares
3,792

Views
ලෝකෙම බලා සිටියදී සරාගී සනී අසභ්‍ය චිත්‍රපට නිළියක් හා ගණිකාවක් අතර වෙනස පෙන්වූ හැටි මෙන්න "

කලක් අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් අන්තර්ජාලය කැළඹූ සරාගී බොලිවුඩ් නිළිය සනී ලියොන් සමඟ විදෙස් මාධ්‍යක් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එහිදී අසභ්‍ය චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර වෙනස කුමක් ද ? යනුවෙන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඇය සඳහන් කරන්නේ "ධෛර්යය" යන්නයි.

සනී ලියොන් නොහොත් කරන්ජිට් කෞර් මේ වනවිට ඉන්දීය සිනමාවේ තමන්ට වෙනස් ම අනන්‍යතාවක් ගොඩනගාගත් රංගන ශිල්පිනියක්.

පස්වන වරටත් ඉන්දියාව තුළ වැඩිම ගූගල් සෙවීම වන්නේ සනී ලියොන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ශිරෝමනි ගුරුද්වාර ප්‍රබන්ධක් කමිටුවක් සනී ලියොන් ගේ ස්වයංචරිත චිත්‍රපටයට 'කෞර්' යන නම යෙදීමට එරෙහිව විරෝධය දක්වා තිබෙනවා

ඔවුන් පවසන්නේ එය සික් ප්‍රජාවට අතිශයින් ම සුවිශේෂී වන වූවක්වන අතර සනී ලිංගික චිත්‍රපට කර්මාන්තයේ යෙදුණු තැනැත්තියක් බවයි.

ලිංගික චිත්‍රපට කර්මාන්තයට පිවිසීමේ සිය තීරණයට දෙමාපියන්ගේ එකඟත්වය ඇයට නොලැබීම ගැනද ඇය එහිදී අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ස්වාධීන කාන්තාවක බවට ඔවුන් තමන්ව ගොඩනැගූ බව හැඟෙන බව පවසන ඇය, ඒ ගැන ඔවුන්ට ගරු කරන බවත්, ඒ නිසාම තමන්ට සිය කැමැත්ත පරිදි තීරණ ගැනීමට හැකිවී ඇති බවත් ඇය සඳහන් කළා.

සිය දරුවන් තිදෙනා පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ මෙවැන්නක්.

"ඇත්තෙන් ම ඔව්, හැකි උපරිම ඉහළට ඔවුන් යනවා දකින්න මට ඕනෑ. අඟහරු ලෝකෙට වුනත් යන්න, ඒත් ඔවුන්ගේ තීරණත්, ගමනත් ඔවුන්ගේ ම දෙයක් වේවි"

එහිදී ඇය පලකළ අදහස් පහතින්.

"කරන්ජිට් කෞර් මගේ නියම නමයි, සනී ලියොන් කියන්නේ මගේ වැඩකටයුතු සඳහා යොදාගත් නම"
"මම මට අවංකයි, නමුත් මිනිස්සු දකින්නේ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි. මම දන්නවා ඒ දැක්ම ඇතිකළේ මමයි. නමුත් හැම කෙනෙකුට ම වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ වෙනස දකින්න මිනිසුන්ට හැකියාව තිබෙනවා."


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top