Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3
Monday, 27 August 2018 - 11:08
සැමියාගේ මරණයෙන් පැය කිහිපයකට පසු සියල්ල ඇතහැර දමා මෙලොව හැර ගිය බිරිඳ
95

Shares
11,419

Views
හදිසියේ රෝගාතුරවූ සැමියා රෝහල් ගතකර කිරීමට පැමිණි බිරිඳක් හදිසියේ රෝගී වී එම අවස්‌ථාවේදී ප්‍රතිකාර ලබාදී රෝහලේ වාට්‌ටුවකට ඇතුළත්කර සිටියදී මියයාමේ පුවතක් පසුගිය 25 වනදා රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල කාන්තාව රෝගාතුර වූ තම ස්‌වාමිපුරුෂයා රෝහලට ඇතුළත් කිරීම සඳහා පුතුන් දෙදෙනා සමඟ ඉකුත් 24 දින රාත්‍රියේ රෝහල වෙත පැමිණ තිබෙනවා.

සැමියා රෝහලට ඇතුළත් කර එහි රැඳී සිටි අවස්‌ථාවේදී ඇයටද ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් රෝහලේ වාට්‌ටුවට ඇතුළත් කර ඇති බව සඳහන්.

රෝහල් ගතකර සිටි බරපතල තත්වයේ පසුවූ සැමියා මියගොස් පැය පසු කිහිපයකට පසු අදාල කාන්තාවද අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ පමුණුගම, උස්‌වැටකෙයියාව, පට්‌ටිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සහ ඇයගේ සැමියායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top