Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
Monday, 27 August 2018 - 16:20
සිව් දෙනෙකුට මරු කැඳවූ නොසිතූ අනතුරෙන් අම්මයි තාත්තයි එක්ක දිවි බේරාගත් ලෝකෙම කතාවෙන පුංචි වීරවරිය
51

Shares
6,147

Views
සිව් දෙනෙකුට මරු කැඳවූ නොසිතූ අනතුරෙන් අම්මයි තාත්තයි එක්ක දිවි බේරාගත් ලෝකෙම කතාවෙන පුංචි වීරවරිය

මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකට මැදි වූ සිය පවුල බේරාගැනීමට සමත් වූ පුංචි වීරවරියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මුම්බායිවලින්.

එහි මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ මෙම ගින්නට මැදිවූ එම නිවාස සංකීර්ණයේ 16 වන මහලේ වාසය කළ මෙම කතා නායිකාව සහ ඇගේ මවත් පියාත් දිවිබේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇය සිය දෙමව්පියන්ගේත් තමන්ගේත් දිවි බේරාගන්නේ පාසලේදී ඇයට ඉගෙනගත් ක්‍රියාවලියක් අත්හදාබැලීමෙන්.

එදින අදාළ මහල් නිවාස සංකීර්ණයේ 12 වන මහලේ මෙම ගින්න ඇතිවූ බවයි තොරතුරුර් වාර්තා වන්නේ.

මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එහිදී සිදුවූ දේ එම දැරියගේ මව විස්තර කළේ මෙලෙසින්.

"මම මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ. මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි. නමුත් මගේ දස හැවිරිදි දියණිය නිසා මම තාමත් ජීවතුන් අතර. ඇගේ තැනට සුදුසු නුවණ අපි හැමෝම බේරුවා."
"මම එයාට කිව්වා මොකක් හරි වෙලාද කියල බලන්න කියල. ඔහු ජනේලය විවෘත කළ සැණින් දුමාරයෙන් ගේ පිරුණා,"
"ඒක අපි එකිනෙකා නොපෙනෙන තරමේ ඝණ කලු දුමක්."
"අපි ජීවත්වෙලා ඉන්නේ අපේ දියණිය නිසා"
"අපි විදුලිය ක්‍රියා විරහිත කළා. මම පිරිසිදු වාතය ගන්න කුස්සියේ ජනේලය විවෘත කළත් මගේ මුහුණට ආවෙ උණුසුම් වාෂ්ප."
"අපි හැමෝම උදව් ඉල්ලා කෑගහන්න පටන් ගත්තා,"
"අපි හැමදෙනාටම හුස්ම ගන්න අමාරු වුණා. ඒ මොහොතේ මගේ දුව කිව්වා ඔවුන් පාසලේදී උගත් දෙයක් ගැන. තෙත්කළ රෙද්දක් මුව මත තබා ගන්නා ලෙස ඇය කීවා.
"අපි එයා කියපු විදියට ඇඳ ඇතිරිලි තෙත්කර මුවට තබාගෙන ඒ තුළින් හුස්ම ගත්තා. අපිට පහසුවක් දැනෙන්න ගත්තා,"
"12 වෙනි තට්ටුව ගිනි ගන්නවා. ගිනි නිවන භටයන් එය නිවා දමා අපව බේරා ගත්තා,"


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top