Hirunews Logo
%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%96+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Tuesday, 28 August 2018 - 13:22
මියගිය කලාකරුවාගේ උපන් දිනයට සුබ පැතූ අගමැතිට දියණිය කියපු කතාව
132

Shares
15,851

Views
මීට වසර එකහමාරකට පමණ පෙර මියගිය කැසට් ගීත යුගයේ සහ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන කලා ශිල්පියෙකු වූ සුනිල් විමලවීර කලාකරුවාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත් ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ තලාහේන පොදු සුසාන භුමියේදියි .

ඔහු ගීත ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා රැඳී සිටින නිර්මාණකරුවෙක්වූ අතර කැසට් ගීත පමණක් නොව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ඔහු ලියූ බොහෝ ගීත ජනප්‍රිය වුණා..

කෙසේ වෙතත් විමලවීර මහතාගේ උපන් දිනය යෙදී තිබෙන පසුගිය අගෝස්තු මස 23 වන දිනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදුක් නිරෝගී සුවය පතා සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබෙනවා.

මේ සම්බන්දයෙන් සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනුයි.

එම සටහන පහතින්,



අග්‍රමාත්‍යවරයා විසින් යැවූ ලිපිය පහතින්



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,161 Views
7,202 Views
8,199 Views
8,298 Views
841 Views
52,819 Views
Top