Hirunews Logo
%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%80%2C+ICC%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 28 August 2018 - 15:19
බොහෝ දෙනෙකුට අමතක වූ මාලිංගව, ICCයට මතක්වෙයි
378

Shares
45,366

Views
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අද (28) දින සිය 35 වන උපන්දිනය සමරනවා.

මාලිංගගේ යෝකර් පන්දුවෙන් ඉදිරියේ ලොව ප්‍රබල පිතිකරුවන් පවා ආසරණ වූ අවස්ථා බොහොමයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තුල සිහියට නැගෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 492ක් දවාගෙන ඇති මාලිංග  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්ව තුනක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා වනවා.

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින තරඟ 204කදී කඩුලු 301ක් සහ ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ 68කදී කඩුලු 90ක් මේ වන විට දවාගෙන ඇති අතර 2010 වසර්රේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන විට ටෙස්ට් තරඟ 30කදී ඔහු දවාගෙන සිටි කඩුලු සංඛ්‍යාව 101ක්.

2014 වසරේ පන්දුවාර 20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩයම මෙහෙයවනු ලැබුවේද මාලිංග විසින්.

අද දිනට යෙදී ඇති මෙම සුපිරි ක්‍රීඩකයාගේ උපන්දිනය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සසිලය ඔහුට සුබ පැතුම් එක් කරන්නට අමතක කර තිබුනේ නැහැ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සසිලය සිය නිල ෆේස්බුක් පිටුවේ සහ නිල ට්විටර් ගිණුමේ මාලිංගට සුබ පැතුම් එක්කර තිබුනේ මෙලෙසින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top