Hirunews Logo
%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%A0%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 01 September 2018 - 14:06
වන්දියකට ලැබුණු අපූරු චෙක්පත (ඡායාරූප)
5

Shares
667

Views
ගං වතුරෙන් පූර්ණ හානි සිදුවූ නිවසක වන්දියකට අදාළව රුපියල් 80ක චෙක්පතක් ලැබීමේ පුවතක් පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වනවා.

මෙම වන්දි මුදල හිමි වන්නේ 2017 වසරේ මැයි මාසයේ රත්නපුර නගරයට බලපෑ ගං වතුර හේතුවෙන් හානි සිදුවූ රත්නපුර - මුවගම, චන්දිමා රසාංජලීගේ නිවසටයි.

පසුගිය 27 වන දා ඇයට රුපියල් 80ක චෙක්පතක් ලබාදීමට ග‍්‍රාම  නිලධාරීවරයා සහ ප‍්‍රදේශයේ සංවර්ධන නිලධාරීවරයා කටයුතු කර තිබුණා.

අප මේ සම්බන්ධයෙන් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීපිකා ඉලුක්කුඹුරගෙන් විමසීමක් කළ අතර, ඇය ප‍්‍රකාශ කළේ මීට පෙර අදාළ වන්දිය වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් ලබාදී ඇති බවයි.

ප‍්‍රාදේශීය ලේකම්වරියගේ ප‍්‍රකාශය පිළිබදව අප රුපියල් 80ක චෙක්පත හිමි වුණු චන්දිමා රසාංජලීගෙන් යළි කරුණු විමසුවා.

ඇය කියා සිටියේ තමන්ට මීට පෙර ක්ෂණික සහනාධාරයක් ලෙස රුපියල් දස දහසක මුදලක් ලබාදුන් බවයි.

එහෙත් තමන්ට ගං වතුරෙන් රුපියල් ලක්ෂ 3, 4ක අලාභයක් සිදුව ඇතැයි ද ඇය කියා සිටියා.



 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top