Hirunews Logo
%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%91%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 02 September 2018 - 17:58
දෙපා වාරු නැති තරුණයා දෑතේ සහ හිතේ සවියෙන් යන කොළඹ ගමන (ඡායාරූප)
42

Shares
5,043

Views
අනතුරක් හේතුවෙන් ශරීරයේ ඉනෙන් පහළ ප්‍රදේශය අප්‍රාණික තත්වයේ පසුවන වවුනියාව, සුඩුවෙන්දපිලව් ප්‍රදේශයේ තරුණයෙකු රෝද පුටුවෙන් කොළඹ දක්වා පැමිණීමට ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා.

මොහොමඩ් අලී නමැති 31 හැවිරිදි මෙම තරුණයා ඊයේ (01) දින සිය ගමන් ආරම්භ කළ බවයි  වන්නේ.

තමන් අබාධිත වුවත් අනෙකුත් අබාධිත වූවන් වෙනුවෙන් අවධානය යොමුකොට අදාළ පිරිස් වෙත යම් සහනයක් උදාකර දීමේ අරමුණින් තමන් කොළඹ බලා රෝද පුටුවෙන් ගමන් ඇරඹීම සිදුකළ බවයි ඔහු පවසා සිටියේ.

සිය ගමන අවසානයේ ජනාධිපතිවරයා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවීම තමන්ගේ අරමුණ බවයි  ඔහු පවසන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක නිරතව ඇති මොහොමඩ් සිය රැකියාව අතරතුරදී විදුලි කනුවකින් වැටීම හේතුවෙන් ඉනෙන් පහළ පෙදෙස අප්‍රාණික තත්වයට පත්ව තිබෙනවා.

උතුරු පළාත් පැරා ක්‍රිඩා තරඟ, ජාතික තලයේ පැරා ක්‍රිඩා තරඟ වෙනුවෙන් සහභාගි වී ඉන් ජයග්‍රහනද හිමිකරගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top