Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9+%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 06 September 2018 - 11:07
මුතු බලන්න මුහුද අයිනේ ගලක් උඩ හදපු සුපිරි බංගලාවට සිදුවෙන්න යන දේ (ඡායාරූප)
35

Shares
4,217

Views
බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට ඉදිකල දැවැන්ත ගොඩනැගිලි අදටත් කෞතුක වස්තූන් ලෙස දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එකළ රටේම ප්‍රසිද්ධ වූ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදිකර ඇති ඩොරික් බංගලාව මේ වනවිට බලධාරීන්ගේ අවධානයෙන් මිදී විනාශ වෙමින් පවතිනවා.

කොන්ඩච්ච් බොක්කේ එකළ සිදුකල මුතු කැණිම් අධීක්ෂණය සඳහා පැමිණෙන ෆ්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයා නවාතැන් ගැනීම සඳහා මෙම බංගලාව ඉදිකර ඇති බවටයි සඳහන් වන්නේ.

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ මහ සයුරට නුදුරුව ගල් පර්වතයක් මත එය ඉදිකර ඇති ආකාරය එකළ එහි පැමිණෙන සැමගේ නෙත් පිනවන දසුනක්ව පැවතියා.

මෙම ගොඩනැගිල්ලේ පහත මහළ කාමර හතරකින් සමන්විත අතර ඉහල මහලට ගමන් කිරිමට පිය ගැටපෙලක් එකළ තිබූ තාක්ෂණයෙන් ඉදිකර තිබීම සියල්ලන් මවිත කළා.

ක්‍රිස්තු පුර්ව 1804 දි ඉදිකර ඇති මෙම මන්දිරයේ සිට ආණ්ඩුකාරවයා කොන්ඩච්ච් මුතු කැණිම් අධික්ෂණය සිදු කර ඇති බව සදහන් වනවා.

ෆ්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයාට නැගුන සිතුවිල්ලක සිත්තමක් ලෙස ඉදිව ඇති මෙම දෙමහල් මන්දිරය ඔහුගේම ගෘහ නිර්මාණ සැලසුමක් වන අතර මෙය ග්‍රීක ගෘහ නිර්මාණ ශීල්පිය ක්‍රමයට ආවේණික වූ මනරම් කලා නිර්මාණයක්ව තිබීම එහි විශේෂත්වයක්.

ඉංග්‍රීසි පාලනයෙන් පසුව මෙරට ඉතිරිව ඇති නටඹුන් අතරින් මෙම මන්දිරයට සුවිශේෂි වූ ප්‍රමුක්ස්ථානයක් හිමිව ඇති අතර, මේ වන විට පුරා විද්‍යා ස්මාරක බවට 1940 අංක 09 දරණ පුරා විද්‍යා ආඥා පනතින් ප්‍රකාශීත ස්මාරකයක් බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඉතිහාසයේ එක්තරා සංධිස්ථානයක් මතකයට ගෙනෙන මෙම මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද බරපතල මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතින අයුරු බලධාරීන්ගේ ඇස නොගැටීම පුදුමයට කරුණක්.



(ඡායාරූප - ප්‍රියංකර කළුපහන)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
15 Views
15,980 Views
10,217 Views
10,494 Views
223 Views
62,832 Views
Top