Hirunews Logo
%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Friday, 26 October 2018 - 15:48
මොළයේ ඇතිවූ දරුණු රෝගී තත්වයක් හේතුවෙන් අසරණවූ මනෝජ් ගේ සංවේදී කතාව
66

Shares
8,013

Views
මොළයේ ඇතිවූ දරුණු රෝගී තත්වයක් හේතුවෙන් අසරණවූ මනෝජ් ගේ සංවේදී කතාව"

වසර දෙකකට පෙර මොලයේ ඇතිවූ දරුණු රෝගී තත්වයක් හේතුවෙන් සැත්කමක් සිදුකළ තරුණයෙකුට අද අත්ව ඇති අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව පුවතක් අපට කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස නොසිතූ ලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණදී ඇත්තේ මනෝජ් ගුණවර්ධන නමැති 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු මීට වසර 2යි මාස 09 කට පෙර හිසේ සැත්කමක් සිදුකරන්නේ එහි ඇතිවූ ගෙඩියක් ඉවත් කිරීම සඳහායි.

කෙසේ වෙතත් එම සැත්කම සිදුකර මාස කිහිපයක් ගතවෙද්දී ඔහුගේ රෝගී තත්වය සුව අතට හැරීම නිසා යලිත් සුපුරුදු ජීවනෝපාය වූ කැමරාකරණයට යොමුවනවා.

නමුත් අවාසනාව යලිත් මාස කිහිපයක් යන්නට පෙර ඔහු සොයා එන්නේ ඔහු සියලු සිහින බොඳ කරවමින්.

සිදුකල සැත්කමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහුට යළිත් සංකූලතා මතුව තිබෙනවා.

මේ පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පසු වෛද්‍යවරුන් ඔහුට නිර්දේශ කර ඇත්තේ නැවතත් හිසේ සැත්කමක් සිදුකළ යුතු බවයි.

මීට පෙර සිදුකළ සැත්කම සඳහාද ඔහුට විශාල මුදලක් වියදම් වූ අතර එයට උපකාර සිදුකළේ ද අසල්වාසීන් සහ ඔහුගේ හිතවතුන් විසින්.

නොසිතූ ලෙස යළිත් තමන්ට මුහුණදීමට සිදුව ඇති මෙම සැත්කම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට නොහැකිවීමෙන් ජීවිතේ දහසකුත් එකක් බලාපොරොත්තු අතර අසරණවූ මනෝජ්ගේ ජීවිතයට එළියක් වන්නට ඔබටත් පුළුවන්.

මේ පිළිබඳව මනෝජ් පලකළ වාර්තාව පහතින්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top