%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%AB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+40+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 30 October 2018 - 12:25
රුක්මණී දේවීගේ 40 වන ගුණානුස්මරණය දා ඇරඹුණු අලුත් වැඩේ (ඡායාරූප)
5

Shares
713

Views
මීට දශක හතරකට ඉහතදී අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් අභාවයට පත් ජනප්‍රිය ගායන ශිල්පිනී හා ප්‍රථම සිංහල චිත්‍රපට නිලිය රුක්මණී දේවී මැතිණිය සිහිපත් කරමින් පසුගිය 28 වනදා ජා-ඇල නගරයේ රුක්මණි දේවී පිළිරුව අභියසදී පුෂ්පෝපහාරයක් පැවැත්විණි.

එම පුෂ්පෝපහාරයෙන් අනතුරුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලයේ, ජා-ඇල නගර සභාවේ නගරාධිපති ශම්මික ඩයස් මහතාගේ සහ ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ සහ පොලිස් පරීක්ෂක සී.එම්.ඩී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “බස්නාහිරෙන් පස්පව් දුරලමු” යන සමාජ අලෙවිකරණ වැඩසටහනට අදාලව “සිහියෙන් රිය පදවා - අනතුරු මරණ වළකමි” යන තේමාවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ද පැවැත්වීම විශේෂත්වයක්.

වර්ථමානය වන විට බස්නාහිර පළාතේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුක් ලෙස හඳුනා ගෙන ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව දි‍නෙන් දින වැඩි වන නිසා රටට දැයට අහිමි වන මෙවැනි වටිනා ජීවිත බේරා ගැනීම උදෙසා මෙම වැඩසටහන බස්නාහිර පළාතේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මුල් කර ගෙන දියත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top