%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
Wednesday, 31 October 2018 - 13:21
විධායක නිළධාරිනියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පටන් ගත්ත රියදුරාකළ සෙල්ලම නතරවූ තැන
82

Shares
9,956

Views
විධායක ශ්‍රේණියේ රැකියාවේ නිරත රූමත් විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ රියදුරෙකු විසින් අදාළ නිලධාරිනියගෙන් කප්පම් ලබාගත් පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ රියදුරා එම ආයතනයේම සේවයේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.

අනතුරුව වරින් වර අදාළ රියදුරාට කප්පම් මුදල් ලබාදී ඇති කාන්තාව විසින් පසුව මේ පිළිබඳව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල පහළ කොට්‌ටරාමුල්ල පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුයි.

සැකකරු විසින් මෙලෙස තර්ජනය කර ඇත්තේ රූමත් විවාහක දරුවන් නොමැති කාන්තාවකගෙන්.

සැකකරු විසින් අදාළ රූමත් කාන්තාව සමඟ අනියම් පෙම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන අනතුරුව ඇය සමඟ කිහිප අවස්ථාවකම සමීප ඇසුරක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවලදී ඔහු රහසිගතව එම අවස්ථාවල ඔවුන් එක්වන ආකාරය දැක්වෙන ඡායරූප ලබාගෙන ඇති අතර අනතුරුව ඒවා අදාළ කාන්තාවගේ සැමියා වෙත ලබාදෙන බව පවසා තර්ජනය කරමින් මෙලෙස මුදල් සහ ස්වර්ණාභරණ කප්පම් ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවලදී රුපියල් පනස්‌ දහසක්, එක්‌ ලක්‍ෂ තිස්‌ හතර දහසක්‌ වටිනා රන් මාලය සහ රුපියල් හතළිස්‌ පන්දහසක්‌ වටිනා රන් මුදුව ද බලෙන් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කරදරකාරී තත්වයෙන් බේරීම සඳහා ඇය සියදිවි හානිකරගැනීමටද උත්සහ ගෙන ඇති බවද සඳහන්.

පසුව අදාළ පුද්ගලයා විසින් ඇයගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් වශයෙන් ඉල්ලා ඇත්තේ අදාළ ඡායාරුප අන්තර්ජාලයට එක්කරන බවට තර්ජනය කරමින්.

එම අවස්ථාවේ මේ පිළිබඳව කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසියේ නිළධාරීන් සිදුකළ රහසිගත මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකල විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදී මෙලෙස කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවයි.

සැකකරු ඉන් එක් අවස්ථාවක කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්හිටුවූ සිරදඬුවම් ලැබූ අයකු බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරපත් කිරීමට නියමිත අතර මීගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top