Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
Monday, 05 November 2018 - 11:43
විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයාට වැඩ වරදියි
79

Shares
9,519

Views
විවාහක කාන්තාවගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් ඇයගෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලූ බව කියන තරුණයෙකු ගලගෙදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හතරලියද්ද, වල්පලාගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකාර තරුණයා ගලගෙදර නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන විවාහක කාන්තාවක්‌ සමඟ කලක සිට මුහුණු පොත හරහා මිතුරුකමක්‌ ඇතිකර ගෙන තිබෙනවා.

පසුව ඔහු අවස්‌ථා කීපයකදීම ඇයගෙන් අනියම් පහසක් ඉල්ලා ඇති අතර එයට විරුද්ධ වීම නිසා උරුණ වූ මෙම තරුණයා එසේ කිරීමට නොහැකි නම් ඇයගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අන් අනතුරුව අදාල කාන්තාව පසුගිය 02 වැනිදා අදාළ තරුණයාට තම රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයට පැමිණෙන ලෙසට දන්වා ඇති අතර මේ සම්බන්ධ තොරතුරු ඇයගේ යෙහෙළියන් දෙදෙනකුට ද පවසා ඔවුන් දෙදෙනා ද එම ස්‌ථානයට ගෙන්වා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණයා පැමිණීමෙන් පසු ඇතුළත කාමරයකට කැඳවා ගෙන ගොස්‌ ඉදිරිපස දොර වසා එන්නම් යෑයි පවසා පිටව ගොස් ඇති අදාල කාන්තාව යෙහෙළියන් දෙදෙනා මාර්ගයෙන් මේ බව පොලිසියට දන්වා ඇති බව සඳහන්.

ඒ අනුව පැමිණි පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු ගලගෙදර  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top