%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%82+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B6%A2%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%85%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94
Monday, 10 December 2018 - 16:12
ජංගම දුරකථනයක් අරං ෆේස්බුක් දාපු මුල්ම එකෙන්ම බුකිය රත්කළ මීගහජඳුරේ ළහිරු
101

Shares
12,163

Views
කුඩා කළ සිට තිබුණු තමන්ගේ එකම හීනේ හැබෑකරගන්න වෙරදරණ අපූරු තරුණයෙක් පිළිබඳව සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහු කොඩිප්පිලි රණසිංහගේ ලහිරු සම්පත්.

මීගහජදුර මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ තරුවක්.

ෂා fm ඔස්සේ විකාශයවන අතුල ශ්‍රී ගමගේ මහතාගේ ගීතයකට තමන් හදාගත් ඩ්‍රම් සෙට් එක්කක් හරිම අපූරුවට වාදනය කරලා සමාජ මාධ්‍ය වෙත එක්කරපු වීඩියෝවක් එක්ක තමයි ඔහු මේ අයුරින් ජනප්‍රිය වන්නේ.

ළහිරුගේ පවුලේ අක්කලා දෙන්නෙක් සහ අයියලා දෙන්නෙක් සහ තවත් නංගියෙක් ඉන්නවා.

මේ හැමෝගෙම බර දරාගෙන ඉන්න ලහිරුගේ අම්මටයි තාත්තටයි ලහිරුගේ හීනේ හැබෑ කරන්න ලොකු ශක්තියක් වෙන්න බැරි උනත් ඔහු උත්සාහය අත්නොහළ තරුණයෙක්.

කුලී වැඩ කරලා එකතුකරගත්ත සල්ලිත් අරං ඔහු ඇඹිලිපිටියට යන්නේ අලුතෙන් ජංගම දුරකතයනක් මිලදී ගැනීමටයි.

ඒක අරං ආපු ලහිරු මුලින්ම කරපු වැඩේ තමයි මේ ජංගම දුරකථනයෙන් තමන්ගේ හැකියාව පටිගත කරපු එක.

අන්තිමට ඔහු ඒක තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කරනවා.

x රේ කොළ සහ හිස් බූලි එකතුකරලා හදපු මේ අපූරු ඩ්‍රම් එකත් ළහිරුගේ හැකියාව දැකලා දෙන්නෙත් එයාගේ යාලුවෙක්.

ළහිරු හිතුවේවත් නැති විදියට ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගලා එනවා.

ඇත්තටම අගයන්න වටිනා අතදෙන්න වටින තරුණයෙක් වූ ලහිරු එලෙස මුලින්ම ෆේස්බුක් දාපු ඒ වීඩියෝ එක පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top