Hirunews Logo
%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
Wednesday, 12 December 2018 - 12:06
දහසක් පැතුම් මැද රට ගියපු ශ්‍රී ලාංකික කාන්තාවකට අත්වූ අවාසනාවන්ත ඉරණම
30

Shares
3,601

Views
ගෘහ සේවය සඳහා බහරේන් වෙත ගිය කාන්තාවකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ කාන්තාව වසර දෙකක කාලයක් තිස්සේ එරට ගණිකා නිවාසයක එම වෘත්තියේ යොදවා ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණදී ඇත්තේ එරට ගෘහ සේවය සඳහා රැගෙන ගොස් සිටින 36 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම කාන්තාව නිවාස අඩස්සියේ තබාගනිමින් ඇය එම වෘත්තියේ යොදවා ඇති බවද එහි සඳහන්.

අදාළ ගණිකා නිවාසය තුලදී එම කාන්තාව දිනකට පිරිමි පුද්ගලයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇති බවද එම වාර්තාවල සඳහන්.

බංගලාදේශ ජාතිකයෙකු විසින් එම කාන්තාව රවටා එරටට රැගෙන ගොස් ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ඒ සඳහා වයස අවුරුදු 43 ක් පමණ වන ශ්‍රී ලාංකිකක කාන්තාවක් ද හවුල් වී ඇති බවටයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

මේ අතර එහි සිටින දිනවල ඇයට ආහාර වශයෙන් ලබා දී ඇත්තේ පාන් පමණක් බවයි අදාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඇය ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කළ අවස්ථාවලදී මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යාම සඳහා සහය ලබාදෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයට අමානුෂික ලෙස හිරිහැර කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම කාන්තාවගේ රහස් ප්‍රදේශ පුළුස්සා ඇයට මිරිස් කුඩු ප්‍රහාර එල්ලකර ඇති බවටයි එම විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

අවස්ථා කිහිපයක් ඉන් පිටව යාමට උත්සහ කළද එය ව්‍යර්ථ වී ඇති අතර පසුව එහි පැමිණි තවත් විදේශීය කාන්තාවක් සමඟ ඇය ඉන් කෙසේ හෝ පැනගොස් තිබෙනවා.

අනතුරුව ඇය එරට බලධාරීන් වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාල සිදුවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,645 Views
13,434 Views
9,606 Views
9,835 Views
151 Views
60,093 Views
Top