Hirunews Logo
%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
Friday, 14 December 2018 - 11:32
දූපතේ අමුතු සාදයට වෙන්න යන දේ
17

Shares
2,151

Views
කැරිබියානු මුහුදේ Trinidad හා Tobago කියන පුද්ගලික දුපත්වල පැවැත්වීමට සංවිධානය කර තිබුණු Sex Island උත්සවය නතර කිරීමට නියෝග දීමට එරට ආරක්ෂක අමාත්‍ය Stuart Young මහතා තීරණය කර තිබෙනවා.

එම උත්සවය පැවැත්වීමට දින යොදා තිබුණේ අද සිට 17 වැනිදා දක්වායි.

දින හතරක් පුරාවට පැවැතිවීමට නියමිතව තිබුණු මෙම සාදයට ගණිකාවන් 100ක් යොදා ගැනීමට නියමිතව තිබුණු අතර මේ සදහා විවිධ මාදිලියේ මත්ද්‍රව්‍ය මත්පැන් මිලදීගෙන තිබුණු බවත් සඳහන්.

එමෙන්ම මේ වනවිට මෙම උත්සවය සදහා ටිකට් 50ක් පමණ ඇනවුම් වී ඇති බව විශ්වාස කරන බව එරට රජය සදහන් කරන අතර තවත් විශාල පිරිසක් විවිධ රටවලින් මෙම උත්සවය සදහා පැමිණීමට සිටින බවත් සදහන්.

කොහොම නමුත් Sex Island උත්සවය සදහා එක් අයෙකුගෙන් පවුම් 4600ක් අය කරන බවත් සදහන්.

මෙම උත්සවය සදහා සහභාගී වීමට Brian නමැති 16 හැවිරිදි සිසුවෙක් පියාගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් ටිකට් ඇනවුම් කර තිබෙන අතර දිනුම් ඇදීමකින් ඔහුට තවත් ටිකට්පතක් නොමිලේ ලැබී තිබෙනවා.

එම සිසුවා ටිකට්පත ප්‍රදර්ශනය කරමින් පියා සමග ඡායාරූපක් ගෙන එය සමාජ ජාල ඔස්සේ පල කර තිබෙන බවත් සදහන්.

එසේම මෙම උත්සවය සදහා කිසියම් කෙනෙකු සහභාගී වී තිබුණහොත් ඔවුන්ව එරටින් පිටුවහල් කරන බවත් අනතුරු අගවා තිබෙනවා.

අධික කාම ආශාව ඇති පිරිස දින හතරක් පුරා ගණිකාවන්ගේ පහස විදිනට සැරසුනත් බොහෝ දුරට එම සාදය නොපවත්වීමට ඉඩ ඇතැයිද සඳහන්.

රජයේ අනතුරු ඇඟවීම සමඟ එය නතර විය හැකි බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top