Hirunews Logo
%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Thursday, 14 February 2019 - 7:53
රටම ආදරය කරන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට තවත් ප්‍රහාරයක් - කීබෝඩ් ශිල්පියාගේ හිසට බරපතළ තුවාල
83

Shares
10,033

Views
රටම ආදරය කරන සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම පසුගිය 12 වනදා යළිත් වතාවක් අම්හිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවුනා.

ඒ ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයේදී ගල් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන්.

එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබෙනවා.

එම ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම පිළිබඳව සඳහන් කරමින් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම ප්‍රකාශ කරන්නේ යළි තම සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීමට එවැනි අවස්ථාවක් ලබානොදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේදීද ප්‍රසංගයේ කාලසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් සහරා ෆ්ලෑෂ් වේදිකාවට ප්‍රහාරයක් එල්ලවූවා.

පසුගියදා ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවූ සිදුවීම පිළිබඳව එම කණ්ඩායමේ සාමාජිකයන් පළකලේ මෙවන් අදහසක්.



මේ අතර ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියා කිසිවෙකු රෝහල්ගතකිරීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක ඔහු කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු ප්‍රසංගය අතහැර දමා තමන් වෙනුවෙන් රෝහලේ රැඳී සිටීම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් හසිත කෝකිල සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.




 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
370 Views
19,091 Views
10,955 Views
11,309 Views
3 Views
66,101 Views
Top