%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%91%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Thursday, 14 February 2019 - 13:18
දැඩි ලිංගික හිංසනයක් සිදුවන බව පවසා බිරිඳ සිය සැමියාගේ ජනනේන්ද්‍රය කපා වෙන්කර එය විසිකර දමයි
74

Shares
8,965

Views
දැඩි ලිංගික හිංසනයක් සිදුවන බව පවසා බිරිඳ සිය සැමියාගේ ජනනේන්ද්‍රය කපා වෙන්කර එය විසිකර දමයි"

කපා වෙන්කළ ජනනේන්ද්‍රයක් යළි බද්ධ කිරීමේ ගාස්තු නොගෙවූ පුද්ගලයෙකු පිළිබඳව ලොවක් කැළඹුණු හෙළිදරව්වක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝන් බොබිට් නම් ඇමෙරිකානු ජාතික අසභ්‍ය චිත්‍රපට නළුවෙකු පිළිබඳවයි.

ඔහුගේ බිරිඳ වන ලොරීනා බොබිට් නමැති කාන්තාව විසින් නිදා සිටියදී මෙලෙස ඔහුගේ ජනනේන්ද්‍රය කපා ඉවත්කර තිබෙනවා.

ඒ තමන්ට ඔහුගෙන් දැඩි ලිංගික හිංසනයක් සිදුවන බව පවසමින්.

පසුව එම කාන්තාව විසින් කපා වෙන්කරන ලද ජනනේන්ද්‍රය රැගෙන සිය මෝටර් රථයේ නැගී නිවසෙන් පිටතට ගොස් එය විසිකර දමා තිබෙනවා.

අනතුරුව බරපතළ තත්වයේ පසුවූ ජෝන් බොබිට් නැමැත්තා කඩිනමින් රෝහල්ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෛද්‍ය උපදෙස් අනුව පසුව ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි කිරීම්වලදීයි විසිකර දමා තිබූ ජනනේන්ද්‍රය හමුවී ඇත්තේ.

එහිදී ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ජිම් මහතා විසින් ඔහුගේ කපා ඉවත්කර විසිකර දමා තිබූ ජනනේන්ද්‍රය පරීක්ෂාවට ලක්කර ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

පසුව අනාවරණ වී ඇත්තේ එය ජීවී මට්ට්මේ පවතින බවයි.

අනතුරුව එම වෛද්‍යවරයා කොන්දේසි විරහිතව තම වෛද්‍ය වෘතියේ ගෞරවය රැකගනිමින් එය බද්ධ කිරීමේ සැත්කම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහුට නැවතත් අහිමිව ගිය ජනනේන්ද්‍රය ලබාදීමට තමන් සමත් වූ බවයි සුවිශේෂ අනාවරණය සිදුකරමින් මෙම වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

එහිදී තමන්ගේ සැත්කමට අදාළ මුදල් ගෙවීමක් සිදුනොකර මෙම පුද්ගලයා රෝහලෙන් පිටව ගිය බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

ඒ ඔහුගේ ව්‍යාපාර බංකොලොත් බව පවසමින්.

කෙසේ වෙතත් මේ වනවිට වසර 25 ක කාලයක් ගෙවී ගියද එම මුදල් ගෙවීම මෙම පුද්ගලයා පැහැරහරිමින් සිටින බවයි මෙම වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

ඔහු ව්‍යාපාරික වශයෙන් බංකොලොත් බව පැවසුවද බද්ධකළ ජනනේන්ද්‍රය යොදාගමිනින් අසභ්‍ය චිත්‍රපටයක් පවා නිපදවා ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කරන්නේ.

එමගින් ඔහු විශාල අදායමක් උපයාගත්තද කිසිදු අවස්ථාවක තමන්ගේ සැත්කම සිදුකිරීමේ ගාස්තුව ගෙවීමට ඉදිරිපත් නොවූ බවත් වෛද්‍යවරයාගේ හෙළිදරව්වේ සඳහන්.

වසර 25 කට පෙර 



වසර 25 කට පසු
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top