%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%9F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+Photos
Tuesday, 12 March 2019 - 17:09
ලොවක් වසඟ කළ රූ රැජිනක් හදිසියේ මියයයි - Photos
17

Shares
2,044

Views
විශ්වවිද්‍යාල ලෝක රූ රැජින ලෙස කිරුලු දැරූ තරුණියක් හදිසියේ හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ Lotte van der Zee නම් තරුණියෙක් වන අතර ඇය 2017 වසරේ දී විශ්වවිද්‍යාල රූ රැජින ලෙස කිරුළ දරා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Lotte van der Zee නෙදර්ලන්ත සම්භවයක් සහිත තරුණියක් වන අතර මිය යන විට ඇයට වයස අවුරුදු 20ක් බවයි වාර්තා වන්නේ.

ඇය සිය 20 වන උපන්දිනය සැමරීමට ඕස්ට්‍රේලියාවේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එහිදී ඇය හදිසියේම අසනීප වී තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව Lotte van der Zee සති දෙකක කාලයක් කෝමා තත්වය සිට ඇති අතර ඇය පසුගිය බදාදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top