Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B6%AF+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+20+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
Wednesday, 13 March 2019 - 12:23
අමානුෂික ලෙස වද දී සුරූපී තරුණියන් දූෂණය කළ 20 කල්ලියට අවසානයේ අත්වූ කිසිවෙකු නොසිතූ ඉරණම
18

Shares
2,264

Views
සංවිධානාත්මක කල්ලියක් විසින් තරුණියන් දූෂණය කිරීමේලොවම කැළඹුණු සිද්ධියක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු හි පොල්ලාච්චි ප්‍රදේශයෙන්.

සංවිධානාත්මක කල්ලියක් විසින් මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ තරුණියන් විශාල පිරිසක් දූෂණය කර ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පාසල් අසල සිටිමින් සහ අන්තර්ජාලය ඔස්සේ සැකකරුවන් විසින් තරුණියන් රවටා මෙලෙස දූෂණය කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුව මෙම සංවිධානාත්මක කල්ලිය විසින් එම අවස්ථා රූගත කර අදාළ තරුණියන්ගෙන් කප්පම් ලබාගැනීමද සිදුකර තිබෙනවා.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ඔවුන් තරුණියන්ගෙන් මෙලෙස ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් කෝටිය ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර එලෙස ඔවුන්ට අදාළ කප්පම් මුදල ලබාදීමට නොහැකි තරුණියන් බියට පත්කර නැවතත් දූෂණය කර තිබෙනවා.

මෙම කල්ලියේ ප්‍රධාන සාමාජිකයන් 20 දෙනෙකු පමණ සිට ඇති බවටයි පොලසිය සැකපළකරන්නේ.

මේ වනවිට සිදුකළ පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සිටි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී තරුණියන් දූෂණයට ලක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට 1500කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වීඩියෝ තුළ තරුණියන් දූෂණයට ලක්වන දර්ශන මෙන්ම ඔවුන්ට පහරදෙන දර්ශනද ඇතුලත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ සංවිධානාත්මක කල්ලිය විසින් වසර 7 ක් තිස්සේ තරුණියන් 200කට ආසන්න ප්‍රමාණයක් දූෂණයට ලක්කර ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top