%22%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94%22+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Sunday, 14 April 2019 - 23:13
"සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" සමරමින් ජන ක්‍රීඩාවලින් ජයග්‍රහණය ලැබූ කලා තරු මෙන්න
7

Shares
942

Views
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී., සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රෙක්ෂකයින් වෙත ගෙන ආ "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" සජිවි වැඩසටහන අද දිනයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඊට සියයකට අධික ප්‍රවීණ හා ජනප්‍රිය කලා ශිල්පීන් එක්වූ අතර, වැඩසටහන පැවැත්වුණේ, ගම්පහ - සියනෑ කෝරළයේ - වතුරගම ප්‍රදේශයේ පිහිටි පෞරාණික වටිනාකමක් උසුලන රමණීය භූමි භාගයක සිටයි.

කෙසේ වෙතත් එහිදී කලා ශිල්පීන් රැසක් සහභාගී වූ ජන ක්‍රීඩා කිහිපයක් ද පැවැත්වුණා.

එම තරඟ ඉසව් අතර දෑස් බැඳ කණා මුට්ටිය බිදීම. ගෝනි පැනීම, කොට්ට පොර මෙන්ම හොඳම හිනාව වැනි තරඟ රාශියක් දැකගත හැකි වුණා.

අද දිනයේ පැවති "හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම" තරඟයේ තුන්වන ස්ථානය රුවංගි රත්නායක විසින් ද දෙවැනි ස්ථානය නදීශා හේමමාලි විසින් ද දිනාගත් අතර පළමු අවස්ථාවට හිමිකම් කියනු ලැබුවේ රංගන ශිල්පිණී, දුලීකා මාරපන යි.



එමෙන්ම දෑස් බැඳ මුට්ටිය බිදීම තරඟයේ ජයග්‍රාහීකාව වූයේ නිල්මිණ් තෙන්නකෝන් රංගන ශිල්පිණියයි.



"හොඳම හිනාව" තරඟය සඳහාද කලා ශිල්පින් බොහෝ පිරිසක් එක් වූ අතර එහිදී, ස්ථාන තුනක් විනිසුරු මඩුල්ල විසින් තෝරාගනු ලැබුවා. ඒ අනුව හොඳම හිනාව, තුන්වන ස්ථානය මිහිර සිරිතිලක විසිනුත්, දෙවන ස්ථානය, සුසිලා කෝට්ටගේ විසිනුත්, පළමු ස්ථානය, ප්‍රවීණ රංගන ශිල්පිණී මැණිකේ අත්තානයක විසිනුත් දිනාගනු ලැබුවා.



"පොල් ගෑමේ තරඟය" ජයග්‍රහණය කරනු ලැබුවේ, දිලිනි ලක්මාලි විසිනුයි. එහිදි දෙවන ස්ථානය සුසිලා කෝට්ටගේ විසිනුත්, තුන්වන ස්ථානය දුලීකා මාරපනත් දිනාගත්තා.



"ගෝනි පැනීමේ තරඟය" පිරිමි හා කාන්තා වෙන වෙනම ජයග්‍රහකයින් තෝරාගත් අතර, පිරිමි තරඟකරුවන් අතරින් ගිවන්ත අර්තසාත් සහ පැතුම් රුක්ෂාන් ජයග්‍රහණය හිමිකරගත් අතර, කාන්තා තරඟකරුවන් අතරින් තුන්වැනි ස්ථානය, ධනංජි තාරුකා විසිනුත්, දෙවැනි ස්ථානය, නිලන්ති ඩයස් විසිනුත්, පළමු ස්ථානය නදීශා හේමමාලි විසිනුත් දිනාගනු ලැබුවා.



"කොට්ට පොර" තරඟය ද මෙහිදී පවත්වනු ලැබූ අතර එහි පිරිමි තරඟකරුවන් අතරින් පළමු ස්ථානය බවට පත්වුණේ, මේනක රාජපක්ෂයි. දෙවැනි ස්ථානය ඉසුරු ලොකුහෙට්ටිගේ විසින් දිනාගත්තා.



"කොට්ට පොර" කාන්තා තරඟයේදී පළමු ස්ථානය නදීශා හේමමාලි දිනාගත් අතර දෙවැනි ස්ථානය ලබා ගත්තේ දිලිනි ලක්මාලි.



මේ අතර වැඩිම සමාජ මාධ්‍ය තුළ වැඩිම කැමැත්ත දිනාගත් කලා ශිල්පීනියන් තේරීමේ තරඟයක්ද පැවැත්වුණා. 

එහිදී, තුන්වැනි ස්ථානය, උපෙක්ෂා ස්වර්ණමාලි විසින්ද, දෙවැනි ස්ථානය, ශෙහානි කහඳවල විසින්ද, පළමු ස්ථානය විනූ සිරිවර්ධන විසින්ද දිනාගනු ලැබුවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top