%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A9%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 19 April 2019 - 14:18
ලොවම කම්පා කරවමින් ඇතිවූ ප්‍රංශයේ නොට්‍රඩාම් ගින්න නිවන්න මහා ගිණි ජාලාව මැදට පැනපු වීරයා එළියට
42

Shares
5,079

Views
ප්‍රංශයේ හදවත ලෙස හැඳින්වෙන නොට්‍රඩාම් දේවස්ථානයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට හේතුවූ ප්‍රධානතම සාධකයක් පිළිබඳව එරට ගිනි නිවීමේ ඒකක අනාවරණ කර තිබෙනවා.

මෙලෙස ඇවිලෙමින් තිබූ මහා ගිණි ජාලාව මැදට ගොස් ජල ප්‍රහාර එල්ලකරමින් එය මැඩපැවැත්වීමට සමත්ව ඇත්තේ ක්ලෝසස් නැමැති රොබෝ යන්ත්‍රයක් බවයි ඔවුන් පවසන්නේ.

මෙම රොබෝ යන්ත්‍රය රාත්තල් 10 ක පමණ බරකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජලය විදීමට පමණක් නොව සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීමට හැකිවන අයුරින් සකස්කළ කැමරා කිහිපයකින් සමන්විත වීමද මෙහි ඇති විශේෂත්වයක්.

දුරස්ථ පාලකයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම ගිනි නිවන ක්ලෝසස් ගේ මග පෙන්වීම අනුව ගිනිනිවීමේ භටයන්ට දැඩිලෙස ගින්න පැතිර යන ස්ථානවලට ජල ප්‍රහාර එල්ලකිරීමට හකිවූ බවයි ඔවුන් පවසා ඇත්තේ.

දේවස්ථානයේ ගින්න මැඩපැවැත්වීමට උපකාරී වූ විශාල මෙහෙයක් ඉටුකළ ක්ලෝසස් ගිනිදළු මැදින් ඉදිරියට ගොස් අති සාර්ථක ලෙස ගින්න හටගත් ස්ථානවලට ජල ප්‍රහාර එල්ලකළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේද එකලෙස ක්‍රියාත්මක විය හැකි ක්ලෝසස් ඉතාමත් අනතුරුදායක ස්ථානවලට ගමන්කිරීම මෙලෙස ගින්න ඉක්මනින් මැඩපැවැත්වීමට හේතුවී තිබෙනවා.

ක්ලෝසස් පිළිබඳව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top