%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Friday, 19 April 2019 - 15:22
ඇඟිල්ලේ කොටසක් වෙන් වෙන්නම කපාගෙන වැරදුණු ඡන්දයට වන්දි ගෙවූ තරුණයා (වීඩියෝ)
40

Shares
4,805

Views
ලොව විශාලතම ඡන්ද දායකයන් පිරිසක් සහභාගිවන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය ඉතා තියුණු මුහුණුවරක් යට‍තේ මේ දිනවල පැවැත්වෙනවා.

අදියර හතක් යටතේ පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට එක්ව සිටින බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණයට සම්බන්ද වෙනස්ම ආකාරයේ පුවතත් වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්.

ඒ තමන් සහයෝගය දක්වන පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් එය වැරදී තමන් අතින් සිදුවූ අත්වැරැද්ද පිළිබද කලකිරීමට පත්ව සිය අතේ එක් ඇඟිල්ලක කොටසක් කපා දැමූ ඡන්ද දායකයෙක් සම්බන්ධයෙන්.

25 හැවිරිදි වියේ පසුවන පවන් කුමාර් නමැති තරුණයෙක් මෙලෙස සිය ඇඟිල්ලක කොටසක් කපා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

බහුජන සමාජ පක්ෂයේ (BSP) ප්‍රභල ආධාරකරුවෙකු වන මෙම තරුණයා පසුගියදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගොස් අත්වැරදීමකින් සිය ඡන්දය භාරතීය ජනතා පක්ෂයට (BJP) ප්‍රකාශ කර තිබෙනවා.

තමන් අතින් සිදුවූ වැරදීම සම්බන්ධයෙන් සිත් තැවුලට පත් පවන් කුමාර්  නිවසට ගොස් ඡන්දය භාවිත කිරීමේදී නිල් පැහැයෙන් සළකුණු කරන වම් අතේ ඇඟිල්ලේ කොටසක් කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තමන් මෙලෙස ඇඟිල්ලක කොටසක් කපා දැමුවේ තමන්ට ඇතිවූ සිත් වේදනාව හේතුවෙන් බව 25 හවිරිදි මෙම තරුණයා අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අදාල සිදුවීම එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top