Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 05 May 2019 - 13:16
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිත අහිමි වූ ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාගේ දරු තිදෙනා අවසන් ගමන් යයි
23

Shares
2,775

Views
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මඟින් ඩෙන්මාර්කයට ගෙන යනු ලැබුවේ පසුගිය 26 වැනි දිනයි.
 
21 වන දින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ ඔහුගේ දියණියන් තිදෙනාගෙන් වැඩිමහල් දියණියන් දෙදෙනා සහ බාලම පුතණුවන්.
 
පොව්ල්සන් මහතාගේ බිරිඳ හා තෙවැනි දියණිය එම ප්‍රහාරයෙන් දිවි බේරාගන්නට සමත්ව තිබුණා.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම දරු තිදෙනා මෙම අනතුරට ගොදුරු වුණා.

අනතුර සිදුවන්නට දින කීපයකට පෙර වැඩිමහල් දියණිය වන අල්මා විසින් අනෙකුත් දරුවන් තිදෙනා ශ්‍රී ලංකාවේ පිහිනුම් තටාකයක් ඉදිරියේ සිටින ජායාරූපයක් ඇගේ සමාජ ජාල අඩවියකට මුදාහැර තිබුණා. (විවිධ තර්ජන හේතුවෙන් තම දරුවන්ගේ මුහුණ සහිත ජායාරූප ඔහු විසින් සමාජ මාධ්‍යවලට මුදා හැරීමට ඉඩ නොදුන් බව සඳහන්.)

කෙසේ වෙතත්, ඔහුගේ දරුවන් තිදෙනා ඩෙන්මාර්කයට රැගෙන යාමත් සමඟ දහසක් දෙනා ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩෙන්මාර්කයේ සෑම දෙසින්ම ඔවුන්ගේ නිවසට මල් සහ ශෝක ප්‍රකාශ ගලා එන්නට වුණා.

මේ අතර, ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව ද සහිතව එරටදී පවත්වා තිබෙනවා.

රාජකීය පවුල සමඟ ද සමීප සම්බන්ධකම් පැවැත්වූ ප්‍රකෝටිපතියාගේ දරුවන් තිදෙනාගේ මෙම ශෝකජනක අවස්ථාව වෙනුවෙන් එරට අග්‍රාමාත්‍යවරයා වන Lars Lokke Rasmussen මහතාද සහභාගි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දිනෙක පොව්ල්සන් මහතා සිය පවුල වෙනුවෙන් තමන්ට උදව් උපකාර කළ සහ තම දරුවන් වෙනුවෙන් ශෝකය පළ කළ සියලු දෙනාට "ස්තුතියි" කියන්නට ද අමතක කළේ නැහැ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top