Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Tuesday, 07 May 2019 - 11:45
පිළිකාවෙන් මියයන්නට දින 8කට පෙර පෙම්වතා විවාහ කර ගත් අයිලාගේ ආදර කතාව
39

Shares
4,796

Views
මොනතරම් දේවල් ලැබුණත් නොලැබුණත් දවසක ජිවිතේ දාලා යන්නම යන්න වෙන දවසක් උදා වෙනවා.

ආදරයෙන් අඩුවක් නැති මුදලින් අධ්‍යාපනයෙන් අඩුවක් නැති ඔහුටත් එලෙසින්ම අඩු කාලයක් ආයු වළදා යන්න සිදු වුනා.

ඒ මාරාන්තික පිළිකා මාරයාව පරදවන්න බැරි වුනු නිසා. ඔහු නමින් Julian. ජිවත් වුණේ ඕස්ට්‍රේලියාවේ Melbourne වල. 2015 වර්ෂයේ සිට ඔහු අසනීප වෙන්න පටන්ගෙන.

අස්ථි ආශ්‍රිත වේදනා එක්ක ඔහුගේ තත්ත්වය බරපතල වූ නිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනවා. එවිට දැනගන්න ලැබෙනවා ඔහු පිළිකා රෝගයකින් පෙලෙන බව.

කොදුඇට පේළියේ පහලම ස්ථානය ඉදිමුමකට ලක් වී පසුව එම ස්ථානයේ ගෙඩියක් හටගෙන තිබෙනවා.

එය පිළිකාවක් ලෙස පසුව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

එදා සිට ඔහු ජීවිතයත් මරණයත් අතර සටන් කර අවසානයේ වසර 7ක් තිස්සේ ආදරය කළ පෙම්වතියව විවාහ කරගෙන ඉන් දින අටකට පසුව ඔහු මිය ගොස් තිබෙනවා. ඔහුගේ පෙම්වතිය Ayla Sharp . 27හැවිරිදි Ayla ඔහුගේ හොදම මිතුරියක්.

පසුව ඔවුන් ආදරය කරන්න පටන් ගන්නවා. යනුවෙන් ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

"මාර්තු මාසේ විවාහය පවත්වන්න සියල්ල සුදානම් කිරීමට Ayla ගේ සහෝදරිය උදව් කර තිබෙනවා. ඒ අනුව මාර්තු 28 වැනිදා ඔහුගේ සිහිනය සැබෑ කරගනිමින් පවුලේ හිතවතුන් නෑදෑයින්, යාළු මිත්‍රාදීන් කිහිප දෙනෙක් සමග සියලු චාරිත්‍ර සමග ඔවුන් විවාහ වෙනවා. ඔහු ආදරණිය බිරිද එක්ක වේදනාකාරී නමුත් සුන්දර අත්දැකීමක් එක්කර ගනිම්න් පැය ගණනක පියාසර ගමනකින් අනතුරුව නවසීලන්තයට යනවා.

ඒ ඔහුගේ කැමතිම රටක් නිසා. එම සංචාරය අතරතුර දින දෙකක් බිරිද එක්ක සතුටින් ගත කළත් එදිහි ඔහු අසාධ්‍ය වී රෝහල් ගත කරනවා. විවාහ වී අයිලා හා ජුලියන්ට පවුල් ජීවිතය ගත කරන්න ලැබෙන්නේ දින 8ක් පමණයි. අප්‍රේල් මස 5 දා ඔහු සියල්ලන්ව හඩවමින් සදහටම ජිවිතයට සමුදෙනවා." ඔහුගේ මව එසේ පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top