%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%91+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
Monday, 20 May 2019 - 13:55
ඉවතලන දෑ මත සිතුවම් අඳිනා අපූර්ව චිත්‍ර ශිල්පියා
5

Shares
697

Views
ඉවතලන බැනර්, කටවුට් රැගෙන ගොස් ඒවා මත සිතුවම් අඳිනා අපූර්ව චිත්‍ර ශිල්පියකු පිලිබඳ පුවතක් අපට වාර්තා වනවා.

ඒ අනුරාධපුර ප්‍රදේශයෙන්.

ඔහු නමින් සමන් කුමාර.

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පදිංචි ඔහු ඔහු ඕනෑම පුද්ගලයකුගේ රූපයක් ඉතා සුළු වේලාවක් තුළ චිත්‍රයට නගන්නට ඉතා දක්ෂයෙක්.

මිට ඉහතදී ව්‍යාපාරිකයෙකු වූ සමන් සිය ව්‍යාපාර කටයුතු කඩා වැටීම නිසා ඇතිවූ මානසික ආතතිය නැති කරගැනීම සදහා  චිත්‍ර ශිල්පයට යොමු වූ ඔහු දැන් වෘත්තීමය චිත්‍ර ශිල්පියෙකි.

මේ ඔහුගේ ජිවිත කතාවයි.

මම 1998 තමයි ව්‍යාපාර කරන්න පටන් ගත්තේ.අවුරුදු 20කට වැඩි කාලයක් මං ඔහොම ව්‍යාපාර කරගෙන හිටියා.ඇත්තටම ඊට පස්සේ මට හිතා ගන්න බැරි විදිහට මං කඩාගෙන වැටුණා.මට හිතාගන්නත් බෑ ඇත්තට මට මොකද වුණේ කියලා.මට එන්න එන්නම ඒ පීඩනය දරා ගන්න බැරි වුණා.මං ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම චිත්‍ර ගැන යම් දැනුවත්වීමක් තිබ්බා.ඒ අනුව මම මේ පීඩනය නිසාම චිත්‍ර අඳින්න පටන් ගත්තා.මට ඒ වගේම මගේ තාත්තා කියලා තිබ්බා මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ආසාවෙන් කැමැත්තෙන් කරන්න එතකොට ඒක හරිදේ හරියට වෙනවා කියලා.ඉතින් මං ඒ අනුව දැන් චිත්‍ර ඇඳගෙන යනවා ආසාවෙන් කැමැත්තෙන් කැපවෙලා.ඇත්තටම දැන් මේ චිත්‍ර අඳින එකෙන් මගේ අර හිතේ තියෙන පීඩාව අඩුවෙලා දැන් මං සැහැල්ලු ජීවිතයක් ගත කරන් යනවා.මං දැන් මේ චිත්‍ර ශිල්පය කරගෙන සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා.කොහොම හරි ඒ කාලේ මට මගේ වැඩකටයුතු ටික හරියට කර ගන්න බැරි වුණා මගේ මේ ආව ප්‍රශ්නත් එක්කන් මං කොහොම හරි ඒවායින් මිදුණා.මං මේ චිත්‍ර කලාවත් එක්ක ඉන්න හින්දා ඇත්තට මගේ හිතට අලුත් අලුත් අදහස් එනවා.මේ තැනට මේ දේ පාට කරන්න ඕන මේ විදිහට මේ දේ මේ විදිහට පාට කරන්න ඕන කියන එක ඇත්තටම මගේ හිතට එන්නේ මං මේ මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙලා මේ ගමන යන හින්දා.ඒ වගේම මං හිතනා ඕනෑම කලාවක්.චිත්‍ර වෙන්න පුළුවන්,සංගීත වෙන්න පුළුවන්,ඒ වගේ දෙයක් කරගෙන යද්දී ඇත්තටම අපේ හිතට අලුතින් අදහස් එනවා මිසක අනුන් ගැන කිසිම දෙයක් අපේ හිතට එන්නේ නෑ.අපිට අනුන් කරන දේවල් වැඩකුත් නෑ.අපි ඒවා හිතන්නේ නැතුව මේ කලාවත් එක්ක ඉද්දී මට හිතෙනවා අපේ දියුණුව හැදෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top