Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%2C+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Saturday, 08 June 2019 - 12:03
වැස්සට සේදී ගිය තරඟය අතර තුර විස්තර විචාරක කුටියේදී සංගා, ස්මිත්, වසීම් අක්‍රම් දැමූ සෙල්ලම (වීඩියෝ)
14

Shares
1,739

Views
ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර 2019 ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟයක් ඊ‍යේ බ්‍රිස්ටල් හීදී පැවැත්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය නිසා එම තරඟය අතැර දමන්නට සිදු වුණේ දෙරටේම ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්.

ක්‍රීඩාගාරය තුළ සහ ප්‍රේක්ෂකාගාරය තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් කල් මරද්දී තරඟයේ විස්තර විචාරණය වෙනුවෙන් පැමිණ සිටි ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ පාකිස්තානයේ වසීම් අක්‍රම්  සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ග්‍රැහැම් ස්මිත් එක්ව අපූරු වැඩක් කරලා තියෙනවා.

ඒ ඔවුන් තරඟ විස්තර විචාරණයට පැමිණ සිටි අනිකුත් හිටපු ක්‍රිකට් තරු සහ විස්තර විචාරක තරුණියක් එක්ව විස්තර විචාරණ මැදිරිය තුළ ක්‍රිකට් ගැසීමයි.

සිසිල් පැන් අසුරා ඇති ශීතකරණයක් විකට්ටුව ලෙස  භාවිත කළ ඔවුන් ක්‍රිකට් පිත්තක් සහ සැහැල්ලු පන්දුවක් යොදාගෙන මෙලෙස වන් බම්පර් ක්‍රිකට් ක්‍රීඩා කළා.

ලෝක‍යේ හිටපු ක්‍රිකට් තරු මෙලෙස සිද කරන්නේ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් තුළ ඇති බැඳීම නිසා බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top