Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 19 June 2019 - 14:11
තාත්තා ණය වෙලා ගොඩනගපු ක්‍රීඩාංගණයේ ණය බේරන්න රූමත් ක්‍රිකට් ක්‍රීඩිකාව කරන දේ - (ඡායාරූප)
9

Shares
1,158

Views


ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරිනියක් එකතුවෙලා තියනවා.

ඇය 22 හැවිරිදි ප්‍රියා පූනියා.

ඇය රාජස්තානයේ චුරූ කියන ප්‍රදේශය ගම්බිම් කරගත් තරුණියක්. පසුගිය දිනවල පැවති 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඇය නවසිලන්තයටත් ගොස් තිබෙනවා.

කොහොම වුනත් ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රියාගේ මේ ගමන හිතපු තරම් ලේසි පහසු එකක් වෙලා නෑ.

ඉන්දියාවේ බොහොම සාමාන්‍ය පවුලක උපත ලබපු ඇයට තමන්ගේ හීන වෙත යන්නේ එයාගේ ආදරණිය තාත්තා සුරේන්ද්‍ර අරන් තියන උත්සාහය සුළු පටු එකක් නෙමෙයි.

ඇත්තටම ප්‍රියා මේ වෙද්දී ඉන්න තත්ත්වය එයාගේ තාත්තා ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා තමයි ගමේ හැමෝමත් කියන්නේ.

ප්‍රියාගේ තාත්තාට දරුවාගේ මේ හීනේ වෙනුවෙන් සල්ලි හොයන්න තමන්ට තිබුණු වතු පිටි පවා විකුනන්න වෙලා තියනවා.

බැංකු වලින් ණය අරගන්න වගේම තව තව ගොඩ්ක් කැපකිරීම් කරන්න සිද්ධ වෙලා තියනවා.

කොහොම වුනත් මේ තාත්තා මහන්සියෙන් එකතු කරපු ඉන්දීය රුපියල් ලක්ෂ 22ක් (ලංකාවේ මුදලින් මිලියන 6කට ආසන්න මුදලක්) වැය කරලා ජයපූර් ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී අරගෙන නිසි දැල් හා තණතීරු සකස් කරලා ක්‍රීඩාංගණයක් හදලා දීලා තමන්ගේ දුවට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පාර හදලා තියනවා කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.

වරක් ප්‍රියා ජයපූර්වල පිහිටි ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධවෙන්න උත්සහ දරපු අවස්ථාවක එහි පුහුණුකරු ගැහැණු ළමයෙකු වීම ගැන කියමින් අයව සමච්චලයට ලක් කරලා තියනවා.

ඊට පස්සේ ප්‍රියා තීරණය කරලා තියනවා ආපහු ක්‍රිකට් සෙල්ලම් කරන්න උත්සහ ගන්නේ නෑ කියලා.

කොහොම වුනත් ජාතික කණ්ඩායමට තේරුණා මේ රූමතියගේ ලොකුම බලාපොරොත්තුව තමන් වෙනුවෙන් ක්‍රිකට් පිටියක් හදන්න තාත්තා ගත්තා ණය ගෙවලා ඉවර කරන එක කියලා තමයි ඇය කියන්නේ.

හැබැයි කොහොම වුනත් මේ හැම පරාජයකදීම ඇයට සවිය වෙමින් තාත්තා ලබලා දීපු ශක්තිය ප්‍රියා අද වෙද්දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුල පමණක් නෙමෙයි ජාත්‍යන්තර තරග බිමේ පවා දස්කම් දක්වන ක්‍රීඩිකාවක් බවට පත්කරවලා තියනවා කිව්වොත් හරියටම හරි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top