%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
Thursday, 20 June 2019 - 11:17
ලොවම කම්පා වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මුහුණට බරපතළ තුවාල සිදුවූ පුංචි පුතුට අද පාසලෙන් ලැබුණු නොසිතූ පිළිගැනීම
11

Shares
1,368

Views
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදවාචකය මුළු මහත් රටේ වගේම ලෝකයම කම්පාවට පත් වූ සිදුවීමක් බවට පත් වුණා.

ඒ කුරිරු ප්‍රහාර හේතුවෙන් බොහෝ දෙනෙකුට දෙමාපියන් අහිමි වෙද්දී දෙමාපියන්ට දරුවන් වගේම සැමියාට බිරිදත් බිරිදට සැමියත් අහිමි වුණා, ඒ වගේම තවත් පිරිසක් තුවාළ ලබා ඒ කැළැල් දකින වාරයක් පාසා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මතකයන් අවදි කරමින් ජිවත් වෙන්න සිදු වෙනවා.

මුහුණේ එක් පසක් හා අතක් බරපතල ලෙස තුවාළ ලැබූ පුංචි පුතෙකුගේ ඡායාරූප පසුගිය කාලය පුරාවටම සාමාජ මාධ්‍ය ජාලයේ සැරිසැරුවා.

ඔහු නමින් Shanon. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොලඹ ජාත්‍යන්තර පාසලක 6වැනි ශ්‍රේණියේ.

කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරයට හසුව තුවාළ ලැබූ ඔහු මාස දෙකක කාලයක් පාසලට ගියේ නැහැ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුල්වරට ඔහු අද පාසලට ගියා.

ඔහුට ජීවිතය දෙමින් සුවපත් කළ යේසුස් වහන්සේට ස්තූති කරමින් එහිදී ඔහුව මුළු පාසලම ආදරයෙන් පිළිගෙන තිබුනා.

විශේෂයෙන්ම ඔහු ඉගෙනුම ලබන 6වැනි ශ්‍රේණියේ දුවාදරුවන් ඔහුව පුදුමයට පත් කරමින් ඔහුව පන්ති කාමරයට පිළිගත්තා.

කේක් කපා තෑගී දී ඔහුව සතුටු කර තිබුණා.

ඒ වගේම 11 වැනි ශ්‍රේණියේ එම පාසලේම අධ්‍යාපනය ලබන Sholan වත් පාසලට ආදරයෙන් පිළිගෙන තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top