%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 19 June 2019 - 22:53
බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න
25

Shares
3,050

Views
පොලිස් නිලධාරියෙකු විසින් සුපිරි මෝටර් රථයක් පැදවූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් මෙම කාන්තාවට එරෙහිව නීතියම පියවර ගැනීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබෙනවා.

එහිදී එම කාන්තාව විසින් පොලිස් නිලධාරියාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළ බවයි ඇයට එරෙහි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

කටුනායක අධි ආරක්‍ෂිත කලාපය තුළදී මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ කටුනායක පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු නිලධාරියෙක්.

පසුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එහිදී අදාළ කාන්තාවට රුපියල් තිස් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය සම්භාහන ආයතන පවත්වාගෙන යන කාන්තාවක් බවටද තොරතුරු වාර්තාවනවා.

අදාළ නියෝගය ලබාදෙමින් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් ඉරුදින කටුනායක පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසයි.

අදාළ සිදුවීම දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව මෙන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top