%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B4%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Saturday, 22 June 2019 - 15:33
ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය දරා ගත නොහැකිව විදේශීය කාන්තාවක් ශ්‍රී ලංකාවේ පපරේ කණ්ඩායමට කි දේ - (වීඩියෝ)
26

Shares
3,163

Views
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාර එංගලන්ත කණ්ඩායම අතර තරඟය ඊයේ (21) ලන්ඩනයේ ලීඩ්ස් හිදී පැවැත්වුණා.

තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූණා.

විශේෂයෙන් මෙරට සිටි ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රීඩා පිටියේ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වුයේ මේ තරඟයේ ජයග්‍රහණය පමණයි.

තරඟයේ ආරම්භයේ සිට අපට ආවේනික පපරේ හඩ මුළු ක්‍රීඩාංගණය පුරා ගිගුම් නාද දුන්නා.

කෙසේ වෙතත් ඊයේ තරඟයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ අභියසට එනකොට අපේ කොල්ලන්ගේ පපරේ සද්දේ අහගෙන ඉන්න බැරි වුණු එංගලන්ත ජාතික කාන්තාවක් පපරේ වාදනය නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය ක්‍රීඩාංගණයේ සේවය කරන සේවිකාවක් බවයි මේ වෙනකොට වාර්තා වන්නේ.

එම කාන්තාව පපරේ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කරලා තියෙන්නේ පපරේ නාදය නිසා තරඟය නරඹන මිනිස්සුන්ට හිරි හැර වන බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ පපරේ වාදනය කළ තරුණයින් කාන්තාවට පෙන්වා දී ඇත්තේ ක්‍රීඩාංගණය තුළ සිටි කිසිඳු පුද්ගලයෙක් එවැනි පැමිණිල්ලක් සිදු නොකර ඇති බවයි.

පපරේ වාදනය සිදු කළ තරුණයින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා පිටියේ කළමනාකාරිත්වය මෙන්ම ICCයෙන් අවසර ලබාගෙන පපරේ වාදනය සඳහා සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරඟය ජයග්‍රහණයේ අභියස සිටින අවස්ථාව වන විට එංගලන්ත ජාතිකයෙකුද පැමිණි නර්තනයේ යෙදී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top