%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
Tuesday, 25 June 2019 - 18:42
කෝල් එකක ඉද්දී හය හතර නොතේරෙන කිරිකැටියා සිව් මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටෙද්දී අම්මා කළ දේ
25

Shares
3,098

Views
මව්පියන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් එදිනෙදා සිදුවන අනතුරු පිළිබඳව අපට විවිධ අවස්ථාවල දැකගන්න ලැබෙනවා.

කෙසේ වෙතත් මවගේ සැලකිලිමත්භාවය හේතුවෙන් තවත් සිදුවන්නට ගිය එවැනිම අවාසනාවන්ත අනතුරක් වලක්වාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ කොලොම්බියාවෙන්.

එරට ගොඩනැගිල්ලක සිව්වන මහලේ ආරක්‍ෂිත වැටක් අතරින් මෙලෙස ඇදවැටෙන්න යන්නේ වයස අවුරුදු එකක කුඩා පිරිමි දරුවෙක්.

මෙම දරුවා සිය මව සමඟ විදුලි සෝපානයෙන් එම ගොඩනැගිල්ලේ සිව්වන මහලට පැමිණෙනවා.

පසුව දරුවාගේ මව දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී සිටින අතරතුර මෙම දරුවා ඉහතකී ආරක්‍ෂිත වැට අසලට පැමිණෙන අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.

අනතුරුව නොසිතූ ලෙස ලිස්සා යන දරුවා ආරක්‍ෂිත වැට අතරින් පහළට ඇදවැටෙද්දී ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූ මව ඉදිරියට පැන දරුවා අල්ලාගන්නා අයුරු එම වීඩියෝවේ සටහන් වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top