%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 25 June 2019 - 20:31
එංගලන්තය පරාජය කරමින් සිංහයන් ලද ජයග්‍රහණයේ සතුට වැඩිවී ක්‍රිකට්වලට පණමෙන් ආදරය කළ ගයාන් ජීවිතයෙන් සමුගනී
75

Shares
9,079

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසුගිය සිකුරාදා දින පැවති ක්‍රිකට් තරඟය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවක් පිළිබඳව මුළු රටේම අවධානය යොමුවූවා.

එම වාර්තාවේ දැක්වුණේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ සතුට දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් තරුණයෙක් පිළිබඳවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව හිරු අප තොරතුරු සොයා බැලුවා.

මුළු රටම ශ්‍රී ලංකා කණ්ඩායම ලද සතුට සමරද්දී මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ අම්පාර දමන ප්‍රදේශයෙන්.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන යන්නේ දමන මඩවල ලන්ද 26 ජනපදයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ ගයාන් මධුශංක නමැති තරුණයෙක්.

එදින සවස් යාමයේ මිතුරන් සමඟ තමන් අකුරුකල මඩවලලන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරඟයකදී තමන්ගේ කණ්ඩායම දිනවීමට ඔහු පන්දු පහකදී හයේ පහර 5 ක් එල්ලකිරීමට සමත් වූ බවයි ඔහුගේ බාල සොහොයුරු තරිඳු ශානික හිරුට පැවසුවේ.

ක්‍රිකට් ක්‍රීඩාවට පනමෙන් ආදරය කළ ගයාන් අනතුරුව නිවසට පැමිණ සූදානම් වන්නේ ලෝකයක් බලා සිටි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරඟය නැරඹීමටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගන්නවාත් සමඟ සිය සොහොයුරා බිම ඇදවැටුණු බවයි ඔහුගේ සොහොයුරු තරිඳු හිරු පුවත් වෙත පැවසුවේ.

ගයාන්ගේ වැඩිමල් සොහොයුරා වන සුරාජ් සමීර සිය සොහොයුරාගේ අභාවය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අවසානයේ සොහොයුරා රෝහලට රැඟෙන යන විටත් ජීවිතයෙන් සමුගෙන සිටි බවයි.

පැරදුනත් දිනුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පණමෙන් ආදරය කළ ගයාන් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයත් විඳගනිමින් සිය ජීවිතයෙන් සමුගෙන යන්නේ දමන මඩවල ලන්ද 26 ජනපදයම මළගෙයක් කරමින්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top