%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 16 July 2019 - 10:45
ලෝක ශූර එංගලන්ත කණ්ඩායම බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි - (ඡායාරූප)
29

Shares
3,504

Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව හිමි කරගත් ඔයින් මෝර්ගන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඊයේ (15) හමුවී තිබෙනවා.

අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත්තේ.

වසර 44කට පසුවයි ක්‍රිකට් උපන් දේශය මෙලෙස ලෝක කුසලානයක් දිනාගනු ලැබුවේ.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ආරාධනයක් අනුවයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇයව මුණ ගැසී ඇත්තේ.

එහිදී අග්‍රාමාත්‍යවරිය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන අවසන් තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අලුතින් ඉතිහාසය ලියු බවයි.


ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කරන පිරිසක් රට ජාතිය තුලින් බිහි කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

හමුව ආසන්නයේ තෙරේසා මේ වෙත එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සමරු පිත්තක් ද පිරිනමා තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top