%E0%B6%B6%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+200%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A
Friday, 19 July 2019 - 12:42
බකිංහැම් මාලිගාව ඉස්සරහා ඩොලර් 200ට විකිණෙන ලෝකෙම රත්කළ ලංකාවේ නුවර තේ එක
55

Shares
6,628

Views
ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් සැකසෙන තේ කෝප්පයක් ඩොලර් 200ක් වැනි මිලකට අලෙවිකරණ අවන්හලක් පිළිබඳව ලෝකයේම කතාබහක් ඇතිවී තිබෙනවා.

මෙම අවන්හල පිහිටා ඇත්තේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරිපිටවීම තවත් විශේෂත්වයක්.

ද රූබන් ඇට් ද පැලස් නම් මෙම අවන්හල වෙත එංගලන්තයේ මාධ්‍ය විශේෂ ප්‍රසිද්ධියක් ලබාදීමට කටයුතු කිරීම සමඟ ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය මෙම අවන්හල වෙත යොමුව තිබෙනවා.

මෙම අවන්හලේදී තේ පෝච්චියක වටිනාකම බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 ක් වනවා.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 109,000ක් පමණ වන බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

විශේෂඥ තේ අළෙවිකරුවන් ලෙස විරුධාවලිය ලත් සුපිරි පන්නයේ වෙළඳපොලක් හිමිකරගෙන ඇති පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගම විසින් අදාළ අවන්හල වෙත තේ සපයනු ලබනවා.

මෙහි ඇති සුවිශේෂ තේ වර්ගයක් වන ‘ගෝල්ඩන් ටිප්ස් ටී’ වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ ආකර්ෂණයක් හිමිව තිබෙනවා.

එය සුදු පැහැතිවන අතර මෙම තේ වර්ගය බ්‍රිතාන්‍ය වෙත ආනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන්.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වර්තමානය වනවිට මෙහි මිල අධික ලෙස පෙනුණ ද අතීතයේ එහි මිල වඩා වැඩි බවයි.

ඔවුන් පවසන්නේ වර්ෂ 1981 දී මෙම තේ මිල ඇමෙරිකානු ඩොලර් 1500ක් වූ බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවන්හල වෙත පැමිණෙන පාරිභෝගිකයාට ගෙවන මිලට සමාන සේවයක් සැලසෙන බවයි.

තේ සැපයුම් සමාගමේ කළමනාකරු තම බෙදාහැරීම් පිළිබඳව දක්වන්නේ මෙවැන්නක්.

“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්”.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top