%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 21 August 2019 - 17:58
වන සතුන්ට ජලය පානය කිරීමට සීගිරිය අභය භූමියේ ජල තටාකයක්
6

Shares
838

Views
පවතින දැඩි නියඟය හේතුවෙන් වන අලින් ඇතුලු සතුන්ට පානය කිරීම සඳහා සීගිරිය වැව් ඉස්මත්තේ ජල පොකුණක් ඉදිකර තිබෙනවා.

සීගිරිය වනජීවී නිලධාරී කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සීගිරිය පුරාවිද්‍යා කාර්යාල එක්වයි මෙම ජල තටාකය ඉදිකර ඇත්තේ.

වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ජල තටාකයෙන් ජලය පානය කිරීම සඳහා සීගිරිය අභය භූමියේ සිටින වන අලි, මුවන්, ගෝනුන්, වඳුරන්, ඉත්තෑවන් ඇතුලු සතුන් රැසක් පැමිණෙන බවයි.

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ සීගිරිය අභය භූමියේ වැව් ඇතුලු ඇළ මාර්ග ද සිඳී ගොස් ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

සීගිරිය වැව් ඉස්මත්තේ ඉදි කළ ජල තටාකය විවෘත කරනු ලැබුවේ හීලෑ අලින් දෙදෙනෙකු විසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top