%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 27 September 2019 - 10:45
ලක්ෂ 6ක් අමතක කරලා මාදම්පා ගඟට පැන්න ගමගේ දියේ ගිලුණු කාන්තාවක් බේරාගත් හැටි මෙන්න
83

Shares
9,995

Views
ලක්ෂ 6ක් සමඟ ගඟට පැන සැඩපහරකට හසුව ගසාගෙන යන කාන්තාවක් බේරාගත් ව්‍යාපාරිකයෙක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස කාන්තාවක් බේරාගෙන ඇත්තේ මහේෂ් ගමගේ නමැති අම්බලන්ගොඩ තල්ගස්ගොඩ පදිංචි ව්‍යාපාරිකයෙක්.

පසුගිය දිනක සවස් කාලයේ රුපියල් ලක්ෂ 6 ක මුදලක් බැංකුවක තැන්පත් කිරීම සඳහා මෙලෙස ඔහු සිය මෝටර් රථයෙන් අම්බලන්ගොඩ නගර වෙත ගමන්කරමින් සිට තිබෙනවා.

එහිදී තල්ගස්ගොඩ මහ පාළම අසල විශාල පිරිසක් එක්රැස්ව සිටිනු දැක මේ පිළිබඳව සොයාබැලීමට මෝටර් රථයෙන් බැස එම ස්ථානයට ගමන්කරනවා.

එම අවස්ථාව වනවිටත් දියේ ගිලී ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටි මෙම කාන්තාව දැක තිබෙනවා.

දෙවරක් නොසිතූ ගමගේ මහතා තමන්ගේ ඉලක්කය පසෙක දමා එම කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට සිතුවා.

එක්වරම ඔහු ජලයට පනින්නේ තම සාක්කුවේ තිබූ රුපියල් ලක්ෂ 6 ද අමතක කර දමමින්.

මීටර් සියයක පමණ දුරක් මාදම්පා ගඟේ පීනා ගිය ඔහු අවසානයේ එම කාන්තාවගේ දිවි බේරාගැනීමට සමත්වනවා.

මේ වනවිට අදාළ කාන්තාව බළපිටිය මූලික රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top