%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80
Friday, 22 November 2019 - 16:04
කොත්තු බාස් මුදලාලි වුණු, මුදලාලි කොත්තු බාස් වුණු ඡන්ද ඔට්ටුව
88

Shares
10,648

Views
මධ්‍යම පළාතේ සුන්දර කඳු වළල්ලකින් වටවූ රමණිය නගරයක්.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සංහිඳියාවෙන් යුතුව ජිවත් වන මෙහි ඉකුත් ජනාධිපතිවරණයේදී අනෙකුත් ප්‍රදේශවලට වඩා උණුසුම් බවක් දක්නට ලැබුණා.

නගරයේ ඇති අවන්හල් අතර වඩාත් ජනප්‍රිය අවන්හලක් තිබුණා. එහි හිමිකරු යෞවනයෙක්.

කා අතරත් ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ඔහු තම සේවකයින්ට සහෝදරත්වයෙන් සැලකුවා.

ඒ නිසාම මෙහි සේවකයන් හා හිමිකරු අතර කිසිදු ගැටුමක් තිබුණේ නැහැ. සේවකයෝ සතුටු සිතින් තම කාර්ය ඉටු කළා.

අවන්හල හිමිකරු එහි කොත්තු රොටී සාදන්නා සමඟ ඡන්ද ඔට්ටුවක් අල්ලන්නේ එනිසාමයි.

අවන්හල හිමිකරු කියා ඇත්තේ හංසයාට ජය ලැබෙන බවයි. එසේ නොවුණහොත් තමන් සතියක් පුරා කොත්තු ගසන බවත්, අවන්හලේ කැෂියර් ලෙස කොත්තු රොටි බාස් සතියක කාලයක් සඳහා පත් කරන බවයි.

කොත්තු බාස් පවසා ඇත්තේ පොහොට්ටුව ජයගන්නා බවයි. පරාජය වුවහොත් සතියක් පඩි රහිතව කොත්තු සාදන බවයි.

අවසානයේ අවන්හල් හිමිකරු පරාජයට පත් වී තිබෙනවා.

ඡන්ද ඔට්ටුව අනුව පසුදාම කොත්තු බාස් කැෂියර් පුටුවේ වාඩි වුනා.

අවන්හල හිමිකරු කුස්සියේ මුල්ලකට වී කොත්තු රොටි ගසන වැඩේ මේ දිනවල කරනවලූ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,460 Views
67,852 Views
24,185 Views
32,800 Views
1,053 Views
115,708 Views
Top