Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 17 October 2017 - 9:28
සුපිරි ඡායාරූප ශිල්පියාගේ හදවත් සංවේදී කළ කතාව මෙන්න
25

Shares
3,059

Views
විවිධ හේතුන් මත තම ජීවිතයේ එදිනෙදා අත්විඳීමට සිදුවන ගැටළු හමුවේ ජීවිතය අත්හැර දැමීමට පවා පෙළඹෙන වත්මන් තරුණ පරපුරටම ආදර්ශයක් වූ අපූරු තරුණයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු නමින් Achmad Zulkarnain.

Achmad ඉන්දුනිසියානු ජාතික තරුණයෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 25 ක්.

අන්ත දුගී පවුලක උපත ලැබූ ඔහුගේ දෑත සහ දෙපය උපතින්ම අහිමිවනවා.

නමුත් ජීවිතය ජයගැනීමට වෙරදරන මේ ආදර්ශමත් තරුණයා දෑත දෙපය ඇති තරුණයන්ටද අභියෝගයක් වෙමින් තම හැකියාව වර්ධනය කරගන්නේ සියල්ලන් මවිත කරමින්.

කෙසේ වෙතත් උපතේ දී දෑත දෙපය අහිමි පුතු පොලිතීන් කවරයක බහා විසිකිරීමට යාමේදී ප්‍රදේශවාසීන් විසින් එය වළක්වාලීමෙන් ඔහුට ජීවත්වීමේ අවස්ථාව හිමිවනවා.

ඔහු තම අගහිඟකම් හේතුවෙන් පියාගේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ සේවයේ නිරත වන්නේ සිය පවුලට ශක්තියක් වීමටයි.

අනතුරුව ඔහු දැඩි අගහිඟකම් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත්කරන ස්ථානයක ඡායාරූප ගැනීමේ නිරතව තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව වැඩි ඇල්මක් ඇතිවූ මේ අපූරු තරුණයා තම මව ලබාදෙන කුඩා කැමරාවෙන් සිය දෛවයටම අභියෝග කිරීම අරඹනවා.

පසුව කොටස් වශයෙන් ගෙවීමට ඔහු DSLR කැමරාවක් මිලදී ගන්නේ සිය ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂය සටහන් කරගනිමින්.

එතැනින් සිය වෘත්තීමය ගමන්මග අරඹමින් උත්සව අවස්ථාවල ඡායාරූප ගැනීම සිදුකරනවා.

පසුව සිය හැකියාව ඔපමට්ටම් කරගැනීමට අතපය බාධාවක් කරනොගත් මෙම අපූරු තරුණයා කඳු නැගීමේ නිරතවෙමින් අපූරු ඡායාරූප තම කැමරා කාචයට හසුකරගන්නවා.

Achmad Zulkarnain එක් අවස්ථාවකදී තමන්ට සිදුවන හිරිහැර ඉවසගැනීමට නොහැකිව සියදිවි හානිකරගැනීමට ද උත්සහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස උත්සහ කිරීමට යාමේදී සුළු මොහොතකින් ජීවිතයේ වටිනාකම සහ තමන්ට කෙසේ හෝ ලොව ජයගත හැකි බවට දැඩි අධිෂ්ඨානයක්  සිත තුල ඇතිකරගත් ඔහු එම උත්සාහය අතහැර දමා තිබෙනවා.

දැන් ඔහු Bong Dzoel යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මුළු ඉන්දුනීසීයාවම හඳුනන ඡායාරූප ශිල්පියෙක්.

එපමණක් නොව Achmad ඉතා දක්ෂ පියානෝ වාදකයෙක්ද වනවා.

ඔහුට ගමන් බිමන් යාම සඳහා මේ වනවිට ඔහු විසින්ම සකසාගත් විශේෂ මෝටර් රථයක් යොදාගන්නවා.

සිය ගමන ඡායාරූප ශිල්පියෙක් වීම තුලින් පමණක් අතහැර නොදමන මේ කතා නායකයාගේ මීළඟ අරමුණ වන්නේ නීතී­ඥ­ව­ර­යෙක් වීමයි.

ඒ සඳහා Achmad දැන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top