Hirunews Logo
%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AC+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
Tuesday, 07 November 2017 - 11:46
රටක් හැඬ වූ මහා ශෝකාන්තයේ අම්මෙකුගේ විලාපය
510

Shares
61,217

Views
මාතලේ- ලග්ගල- තෙල්ගමුව ඔයේ ගිලි 8දෙනෙකු මියගිය ඛේදවාචකයේ කඳුළු තවම වියළි ගොස් නැහැ.

නාත්තණ්‌ඩිය දේවාල පාරට නුදුරුව පිහිටි නිවෙස්‌ දෙකක පිරිසකට මෙම විපතින් මෙසේ ජිවිත අහිමි  වුනා.

ව්‍යාපාරික කිංස්‌ලි රත්නායක(39) ඔහුගේ දියණිය හිරුණි දින්හාරා(4) සහ නැන්දනිය කාන්ති ඩයස්‌ (58) යන අයගේ දේහයන් ඊයේ (6 ) දහවල් 12.30 ට පමණ නාත්තණ්‌ඩිය නිවසට ගෙන ආ මොහොත හදවත් කඩා හැලෙන අවස්ථාවක් වුනා.

ඔවුන්ගේ විනුකී මන්දිතා(11) දියණියගේ සිරුර ඒ වන විටත් මල් ශාලාවක තබා තිබුනා.

රවීන්ද්‍ර ලසන්තගේ පවුලේද සිව් දෙනෙකු ද මේ ඛේදවාචකයෙන් මිය ගියා.

රවීන්ද්‍ර ලසන්ත(39), රුවනි දිල්රුක්‍ෂි (39) බිරිඳ, රිෂාදි රවීෂා(12) දියණියගේ දේහයන් ඊයේ(06) අලුයම නාත්තණ්‌ඩියට ගෙන ආ අතර දිමාෂි විදූෂා (7) දියණියගේ සිරුර ඒ වනවිට මල් ශාලාවක තැන්පත් කර තිබුනා.

මොවුන්ගේ අවසන් කටයුතු ඊයේ(06) සිදුකිරීමට නියමිතව තිබුනා.

කිංස්‌ලි රත්නායක පවුලේ අවසන් කටයුතු හෙට(08) සිදු කිරීමට නියමිතයි.
 
කිංස්‌ලි රත්නායකගේ බිරිඳ දුලීකා රත්නායක, සිය ආදරණිය සැමියා දරුවන් අහිමි වීමේ ශෝකය දරා ගැනීමට නොහැකිව හඬා වැලපුනේ පැමිණ සිටි මහා සෙනගද හඬවමින්.

"මගේ රන්කඳ මගේ දුවේ ඔයා කොහෙවත් යන්නෙ නෑ මාව දාලා. මම ඔයත් එක්‌ක ඉන්නවා, මගේ රන්කඳ හිරුණි දුවේ ඔයා මෙහෙන් මාව දාලා යන්න එහෙම නෑ ඔන්න."

 "මට මොනවත් කියන්න බෑ. මම අද අසරණයි. ඇයි මං ඉදිරිපිට මෙහෙම වුණේ. මගේ මහත්තයත්, දරුවනුත්, අම්මත් මට නැති වුණේ ඇයි දෙයියනේ"

දුලීකාගේ පියා වන ඇම්. ඒ. ධර්මදාස හෙවත් රූපදාසට ද වේදනාව දරාගත නොහැකි වුවද හඬ අවධි කළා.

"මම ගොඩ හිටියේ. මම කෑ ගැහුවා. වතුර හයියෙන් එනවා කියලා. වෙන්න ඕන දේ මොහොතින් සිදුවුණා. අපි සිකුරාදාත් මෙතැන නෑවා. කරදරයක්‌ නෑ. වතුර අඩුවෙන් තිබුණේ. සෙනසුරාදා අනතුරක්‌ වෙයි කියලා හිතුවේ නෑ. අපි මීට කලිනුත් නිතර ගිහින් මෙතැන නානවා"

කිංස්‌ලිගේ මාමා කෙනෙකු වන කුමාරදාස මාරසිංහ ද සිය අත්දැකීම කියා සිටියා.

"මම දන්නවා මෙයාලා නිතර ලග්ගල යනවා හදන හෝටලය බලන්න. දවස්‌ දෙක තුනක ඉඳන් ලෑස්‌ති වුණා. දැන් ඉතින් පවුලම ඉවරයි. අපේ දුවට මේ වගේ දුකක්‌ උහුලන්න වුණේ ඇයි කියා හිතන්න බෑ."
 
 රවීන්ද්‍ර ලසන්තගේ පවුලේ මියගිය ඔහුගේ බිරඳ වන ගුරු වෘත්තියේ වෙඩි සිටි රුවිනි දිල්රුක්‍ෂිකාගේ පියා සිරිවර්ධන මාරසිංහ මෙසේ සඳහන් කළා.

"මගේ දරුවන් මටයි, බිරිඳටයි කිව්වා ගේ දිහා ටිකක්‌ බලන්න අපි මාතලේ ගිහින් එන්නම් කියලා. මෙහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. මගේ දුවයි, බෑණයි දරුවන් දෙන්නයි නැති වුණා. චූටි පුතා තනිවුණා."

එසේ තනි වූ අදීත මෙත්සර පුංචි පුතාගේ වයස අවුරුදු 5ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top