Hirunews Logo
%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA
Sunday, 12 November 2017 - 11:48
දෑවැද්දට නයිපෙට්ටිය සමඟ වඳුරෙකු දුන් අපූරු විවාහ මංගල්‍යය
7

Shares
904

Views
විවාහය යනු යොවුන් සිතෙහි දහසක් බලාපොරාත්තු මල් පළගැන්වෙන මහඟු අවස්ථාවක්.

විවිධ රටවල විවාහ සැමරීම් සිදුකරන්නේ විවිධ සංස්කෘතීන්ට අනුවයි.

ඒ නිසාමයි ලංකාවේදී සාමාන්‍යයෙන් දැකගැනීමට නොලැබෙන තෙළිඟු විවාහයක් වවුනියාවේ, නොච්චිකුලම ගම්මානයේදී විශේෂයෙන් අපගේ නෙත ගැටුණේ.

පෙන්ලි සෙස්තාව් යනු තෙළිඟු ජාතික ජනතාව විවාහය හඳුන්වන නමයි.

වයස අවුරුදු 19ක් වූ මසන්නාගේ මල්කාන්ති සහ 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර යන දෙපල පසුගියදා විවාහයට පත්වුණේ තෙළිගු චාරිත්‍රවලට අනුවයි.
 
පළමුව පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රබන් ගසා රැහේ වැඩිහිටියන් විසින් පිලිගනු ලබනවා.

ඉන් අනතුරුව වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවක් සිදුවනවා.

පසුව මනමාලියගේ ගෙල බැඳෙන්නේ පබළු මාලයක්.

පැරණි සිරිතට අනුව නිවැරැදිවම මෙය සිදුවනවානම් මොල් ගස් දෙකක් හරහට දමා ඒ මත සිටගෙන සිටින යුවල, ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා, මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ. මසන්නා පැවසුවා.

රත්තරන් මාල බැඳීමක් හෝ මුදු මාරුවක් නොවන බවයි ඔහු කියාසිටියේ.

පෙන්ලි සේස්තාව් වල සමහර සංස්කෘතීන් වර්තමානයේ දුරස්ව ඇති නමුත් උත්සව අවස්ථාවලදී තමන්ට හැකි අයුරින් පාරම්පරික සිරිත් විරිත් පිළිපදින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වර්තමානයේදී මෙම ජනතාව ඔවුන්ගේ සම්ප්‍රදායික හැකියාවන් වූ රිලා නැටවීමෙන්, නයිනැටවීමෙන් සහ සාස්තර කීමෙන් දුරස්වෙමින් පවතින අතර ගෙවතු වගාව, මාළු ඇල්ලීම සහ ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි රැකියාවලට යොමුවනවා.

විවාහයෙන් පසුව පැල්කොටයට යන මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස ලබාදෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක් සහ වඳුරෙකුයි.

එම ගම්මානයේ ජීවත් වන එම්. තිම්මන්නා ප්‍රකාශ කළේ එය ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දීමක් බවයි.

වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ නොච්චිකුලම ගම්මානය තෙළිඟු ජනතාව ජීවත්වන ශ්‍රී ලංකාවේ එකම ගම්මානයයි.

පවුල් 54ක් පමණ මේවන විට එහි ජීවත්වනවා.

ඔවුන්ගේ භාෂාව තෙලිඟුයි.

ඇතැමෙක් පවසන්නේ තමන්ගේ ජාතිය වඩිග බවයි.

ඔවුන් තවමත් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන ජන කොට්ඨාසයක් බව දක්නට ලැබෙනවා.

මනමාලියගේ මව වන 54 හැවිරිදි මසන්නාගේ මසක්කා පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ විවාහ මංගල්‍ය පිළිබඳව රැහේ ජනතාව බොහෝ සතුටට පත්වන බවත් ඔවුන්ගේ ආශීර්වාදය තම දියණියට සහ බෑනාට ලැබෙන බවයි.

නයිනලාව වයමින්, රබන් ගසමින්, අත්පුඩියෙන් සහ නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවූවා.

  
ඡායාරූප - වවුනියාව මාධව කුලසූරිය / වවුනියාව දිනසේන රතුගමගේ / වවුනියාව රොමේෂ් මධුසංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
485 Views
10,240 Views
14 Views
766 Views
246 Views
11,842 Views
Top