Hirunews Logo
%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%84%E0%B6%AD%E0%B7%8A++%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8C+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AB%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA
Friday, 17 November 2017 - 18:43
තිස්හත් වසරක්‌ සිම්බාබ්වේ අණසක පැතිරූ මුගාබේ පාලනය
61

Shares
7,433

Views
37 වසරක්‌ සිම්බාබ්බේ රාජ්‍යය සිය අණසක යටතේ පාලනය කළ 93 වියැති ජනාධිපති රොබට්‌ මුගාබේ පාලන බලයෙන් පහ කළ එරට හමුදාව ඔහුව නිවාස අඩස්සියේ තබා තිබෙනවා.

ඔහුගේ බිරිය වූ 52 හැවිරිදි ග්‍රේස්‌ මුගාබේ හෙවත් ගුසිගේ්‍රස්‌ නැම්බියාවට පැනගොස්‌ ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් සිම්බාබ්බේ හමුදා බලධාරීන් සඳහන් කර තිබුනේ මෙම ක්‍රියාව හමුදා කුමන්ත්‍රණයක්‌ නොවන බවයි.

මුගාබේ වටා සිටින අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා මෙම පියවර ගත් බවද හමුදා නායකයන් කියා තිබුනා.

ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට ගැනීමට පෙර සිම්බාබ්බේ හමුදාව එම රජයේ රූපවාහිනි මධ්‍යස්‌ථාන සිය අණසකට ගනු ලැබුවා.

දැනට අනාවරණය වී ඇති අන්දමට මුගාබේව බලයෙන් පහකරනු ලැබුවේ සිම්බාබ්බේ හමුදාවේ ජනරාල් කොන්ස්‌ටස්‌ටිනෝ චිවෙන්නා බවද පැවසෙනවා.

මේ වසරේ නොවැම්බර් 06 වනදා ජනාධිපති මුගාබේ උප ජනාධිපති එමර්සන් මනක්‌ග්වා ධුරයෙන් පහකරනු ලැබුවා.

මුගාබේ ඔහුගේ උප ජනාධිපතිවරයාව ධුරයෙන් ඉවත්කිරීම වැරදි බව ජනරාල්වරයා මුගාබේට පැවසුවත් ඔහු ඊට සවන්දී නැති බවයි වාර්තා වන්නේ.

උප ජනාධිපති හමුදාව සමග සමීප සම්බන්ධයක් පවතී බවද සඳහන්.

සිය බිරිය වූ 52 හැවිරිදි ග්‍රේස්‌ මුගාබේ උප ජනාධිපති ලෙස පත් කිරීම සඳහා මුගාබේ කටයුතු කරමින් සිටින අතරතුර හමුදා සේනාංක ජනාධිපති මැදුර වටලා තිබෙනවා.

සිම්බාබ්බේ ජනාධිපති මුගාබේ බලයෙන් පහවීමෙන් පසු එරට මාධ්‍ය ද මුගාබේ හා පවුල සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා කරමින් සිටිනවා.

මුගාබේගේ දියණියගේ විවාහයට අතිවිශාල මුදලක්‌ වැයකළ බවද ඇය මෑතකදී යුරෝ 300,000 ක්‌ වැයකළ රෝල්ස්‌ රොයිස්‌ වර්ගයේ වාහනයක්‌ මිලට ගත බවද එහිදී අනාවරණ වුනා.

මුගාබේ රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මුදල් ඇමැතිවරයාද ඒ අතර වනවා.

අල්ලාගත් සිම්බාබ්බේ ජාතික රූපවාහිනිය ඔස්‌සේ ජනතාව ඇමතූ මාණ්‌ඩලික හමුදා ප්‍රධානි මේජර් ජනරාල් එස්‌. බී. මෝසෝ පවසා ඇත්තේ මුගාබේ වටා සිටි අපරාධකරුවන් අල්ලාගැනීමට හමුදාවට ක්‍රියාකරන බවයි.

සිම්බාබ්බේ හමුදාව රටේ පාලනය අල්ලාගැනීමත් සමඟම දකුණු අප්‍රිකානු ආරක්‍ෂක ප්‍රධානින් ද හරාරේ අගනුවරට පැමිණ ඇති බව සඳහන්.

සිම්බාබ්බේ හමුදාව විසින් බලයෙන් පහකිරීමෙන් පසු රොබට්‌ මුගාබේ දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සුමා සමඟ සාකච්ඡාවක යෙදී ඇති බවයි වාර්තා වුනේ.

අප්‍රිකාවේ කෘරතම පාලනයන්ගෙන් එක්‌ අයෙක්‌ ලෙසයි බටහිර රටවල් මුගාබේ හඳුන්වන්නේ.

ඔහු එරට අගමැති ලෙස පත් වුයේ 1980 වසරේදී පැවැති මැතිවරණයේදීයි.

පසුව 1987 දී ඔහු ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ලෙස ඔහුම පත් වී තිබෙනවා.

1994 දී බ්‍රිතාන්‍ය රජය මුගාබේට නයිට්‌ නම්බු නාමයක් පිරිනැමුවා.

එහෙත් පසුව වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නිසා 2008 දී එම නම්බුනාමය අහෝසි කළ බවයි නිවේදනය කළේ.

2000 වසරේදී ඔහු සිම්බාබ්බේ රාජ්‍යයේ තිබු සුදු ජාතිකයන් සතු වතුපිටි රාජසන්තක කළ නිසා බටහිර ආධාර නතර කෙරුනා.

සිම්බ්බාබ්වේ දේශය 2002 දී පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ද ඉවත්කරනු ලැබුවා.

2005 දී ඇමරිකාව චෝදනා කළේ මුගාබේ ඒකාධිපතියකු ලෙස රට පාලනය කරන බවයි.

2008 දී මුගාබේ විරුද්ධ පක්‍ෂ නායක මොර්ගන් ස්‌වාන්ශිරායි සමඟ බලය බෙදාගැනීමට එකඟ වුවත් 2013 වසරේ පැවැති මැතිවරණයේදී මුගාබේ හත්වැනි වරටත් ජය ලැබු අතර එම ඡන්දය දූෂිත සහ වංචාකාරී එකක් බව විරුද්ධ පක්‍ෂය චෝදනා කළා.

වසර 37 ක්‌ තිස්‌සේ රට පාලනය කළ මුගාබේට දූෂණ චෝදනා රැසක්‌ එල්ලවී තිබු අතර වරක්‌ ඔහු සිම්බාබ්බේ හමුදාවට අනතුරු අඟවමින් දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන ලෙස ප්‍රකාශ කළා.

සිම්බාබ්වේ යනු ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක්.

මුගාබේ සිම්බාබ්බේ රාජ්‍යයේ ජීවත්වූයේ සුපිරි කෝටිපතියකු ලෙසින් වන අතර කාමර 25 කින් යුත් සුවිසල් මැදුරක්‌ හරාරේ අගනුවරට තදාසන්න ප්‍රදෙශයේ ඔහු ඉදිකර තිබුනේ යුරෝ මිලියන 07 ක්‌ වැය කරමින්.

සිම්බාබ්වේ රටේ ජනගහණයෙන් වැඩිදෙනා දුප්පත්කමින් පෙළෙද්දී ඔහු එම සුවිසල් මැදුරේ පිහිනුම් තටාක දෙකක්‌ද ඉදිකළ බවයි බටහිර මාධ්‍ය වාර්තා කළේ.

හොංකොං, ඩුබායි, මැලේසියා සහ දකුණු අප්‍රිකාවේ ඔහුට දේපල සහ වෙනත් වත්කම් ඇතැයිද අනාවරණ වුනා.

මිලියන 16ක්‌ වූ සිම්බාබ්බේ ජනතාව මේ ඒකාධිපති පාලකයාට එරෙහිව ක්‍රියාකිරීමට ඉදිරිපත් නොවූයේ ඝාතන කණ්‌ඩායම් රැසක්‌ ඔහු සමීපයේ සිටි නිසා බවද වාර්තා වනවා.

කලින් රොඩේෂියාව වූ සිම්බාබ්වේ දේශයේ පැවති එක් අසාධාරණ ක්‍රමයක් ඔහු වෙනස් කළ බවත් ඉතිහාසයේ ලියවී තිබෙනවා.

බහුතර කළු ජාතිකයන්ට අඩු ඉඩම් ප්‍රමාණයක්ද සුළුතර සුදු ජාතිකයන්ට වැඩි ඉඩම් ප්‍රමාණයක්ද වෙන් කිරීමේ ක්‍රමය වෙනස් කළ ඔහු සුදු ජාතිකයන්ගේ ඉඩම් රජයට පවරාගෙන කළු ජාතිකයන්ට බෙදා දීම ආරම්භ කර තිබෙනවා.

මේ කළු සුදු භේදය උවමනාවට වඩා වැඩිපුර උළුප්පා දැක්වූ බවට රොබට් මුගාබේට චෝදනා එල්ලවූ අතර ක්‍රිකට් කණ්ඩායමේ සිටි ඇන්ඩි ෆලවර් වැනි බොහෝ දෙනා කණ්ඩායමෙන් ඉවත් වුයේත් ඒ හේතුව නිසාමයි.

සිම්බාබ්වේ ක්‍රීඩකයන් දෙදෙනකු වන, සුදු සමකින් යුත් ඇන්ඩි ෆ්ලවර් සහ කළු සමකින් යුත් හෙන්රි ඔලන්ගා ඔවුන්ගේ එක්තරා තරගයට කළු පටි පැළඳ ක්‍රීඩා කරමින් ඔවුන් “සිම්බාබ්වේ හි ප්‍රජාතන්ත්‍රවාදයේ මරණය” ගැන කම්පා වන බව පහදා දෙමින් ප්‍රබල නිවේදනයක් නිකුත් කළ අවස්තාවක් ද තිබුනා.

ජනගහන අනුපාතයට ගලපා ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරා ගැනීම ඇරඹීමත් සමඟ සිම්බාබ්වේ ට තිබූ ටෙස්ට් තත්ත්වය පවා තාවකාලිකව ඉවත් කෙරුනා.

සිතා ගැනීමට නොහැකි අන්දමින් රටේ උද්ධමනය ඉහළ යාම නිසාත් එක අවස්ථාවක සිම්බාබ්වේ කෙරෙහි ලෝක අවධානය යොමු වුනා.

ඊට මුගාබේ රජයේ විසඳුමවුයේ හැකිතාක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි.

අවසානයේ සිම්බාබ්වේ ඩොලර් 10 සිට සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 දක්වා වටිනාකම්වලින් යුත් නෝට්ටු මුද්‍රණය කිරීමත් ආරම්භ වන්නේ තව තවත් උද්ධමනය අහස උසට නංවමින්.

2007 අවුරුද්දේ වාර්ෂික උද්ධමන වේගය 66,312% ක්.

2008 වසර අවසානයේ සිම්බාබ්වේ ඩොලරය සහ ඇමෙරිකානු ඩොලරය අතර විනිමය අනුපාතය දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් 01 කට සිම්බාබ්වේ ඩොලර් 2,621,984,228 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top