Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+63+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+23+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 23 November 2017 - 10:39
ලොව හොල්ලන 63 වියැති නායකයාගේ 23 වියැති අලුත්ම පෙම්වතිය මෙන්න
231

Shares
27,817

Views
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ (Vladimir Putin) නවතම පෙම්වතිය පිළිබඳ විදෙස් මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබෙනවා.

යකඩ නායකයෙකු ලෙස හැඳින්වෙන පුටින්ගේ පෞද්ගලික තොරතුරු බොහෝවිට අනාවරණ නොවුවත් විවිධ මාධ්‍ය ඒ ගැන ම ඇස ගසාගෙන සිටින අයුරු ද දක්නට ලැබෙන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් කරන වාර්තා කිරීම් හේතුවෙන්.

2015 වනවිට පිට පිට තෙවැනි වරටත් ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තෝරා ගැනීමට ලෝ සුපතළ ව්‍යාපාරික සගරාව තීරණය කර තිබුනා.

ඊට හේතුපාඨ වශයෙන් සඳහන් කෙරුනේ කොතරම් බලපෑම් එල්ල වුවත් තමන්ට රිසි දේ කීරීමට තරම් ලොව සිටින එකම තැනැත්තා පුටින් බවයි.

රුසියාවේ- පුටින් පින්තූර, පුටින් ටී ෂර්ට්‌, ඇඳුම් ආයිත්තම්, ස්‌ටිකර්, බැග් මෙන්ම කුඩා පිළිරූ බොහෝ විසිතුරු සාප්පුවල විකිණීමට තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව පුටින්ට ඇත්තේ විශේෂ තැනක් වන අතර ඔහු තම බිරිඳගෙන් දික්‌කසාද වීම බටහිර මාධ්‍යවලට මහා ප්‍රසිද්ධියක්‌ ගෙනදුන් ප්‍රවෘත්තියක් වුනා.

එමෙන්ම ජනාධිපති පුටින්ට තරුණ ප්‍රේමවන්තියන් සිටින බවට වන පුවත ද එලෙසම ප්‍රධාන තොරතුරක් බවට පත් වුනා.

පුටින්ට පැනමා ගිණුමක කෝටි ගණනක මුදල් තිබුණේය යන පුවතට ද බටහිර මාධ්‍ය වෙතින් ලැබුනේ ඉහළ ප්‍රචාරයක්.

දඩයමේ යැම, ගුවන් යානා පැදවීම, සබ්මැරීනයකින් කළු මුහුදේ කිමිදීම වගේම හිම ක්‍රීඩා කිරීම පුටින් ඔහුගේ ශරීර ශක්‌තිය පෙන්වීමේ අවස්ථාවන් කරගෙන තිබෙනවා.

එක්තරා අවස්ථාවක සයිබීරියාවට අයත් ඉර්කුට්ස්ක් නම් ප්‍රදේශයේදී විශේෂ සිද්ධියකට මුහුණ පෑමට පුටින් ට සිදු වුනා.

රැස්වීමකට සහභාගී වී එමින් සිටි පුටින්ට නිල රථයට ගොඩවන්නට සුදානම් වනවාත් සමගම ඔහුට අසුනේ කාන්තාවන්ගේ හා ළමයින්ගේ ලතෝනියක්.

ඔහු වහා එදෙසට දිවගිය අතර ඔහු දුටුවේ දැවැන්ත වලහෙකු මගී බස් රථයකට පහර දෙමින් සිටින අන්දමයි.

කටින් ඌ මෙල්ල කිරීමට තැත් කළ පුටින් පසුව ගල් කැට කිහිපයකින් පහර දුන්නා.

එහෙත් වලහා මෙල්ල නොවූ තැන පුටින්ට වලහා අසලට දිව ගොස් අතින් පයින් වලහාට පහර දෙන්නට පටන් ගත්තා.

සටන් ශුරයෙකු වන පුටින් අවසානයේ වලසාගේ බෙල්ල කඩා ඌ මරා දමා තම වැසියන් බේරා ගත්තා.

කෙසේවෙතත් ඔලිම්පික් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ශූරියක් වූ ඇලීනා කබෙව්වා සමග පුටින් ඇති කර ගත ආදර සම්බන්ධය ඔහුගේ දික්කසාදය දක්වාම දුර ගොස් තිබුනා.

පුටින්ගේ ආදරණීය බිරිඳගේ සිත පෑරෙද්දී ඇලීනා පුටින්ට දාව දරුවකු බිහි කළා.

2013 දී සිය තිස් වසරක දීගය නිමා කරමින් බිරිඳ වූ ලියුද්මිලාගෙන් පුටින් වෙන්ව ගියා.

මාධ්‍ය පළ කළ නවතම පුවත වන්නේ 63 හැවිරිදි පුටින් ඔහුගේ දියණියටත් වඩා බාල අවුරුදු 23ක ඇලිසා කාර්චේවා නම් වූ තරුණියක් සමග ආරම්භ කළ ප්‍රේම සම්බන්ධයයි.

2010 දී රුසියානු දින දර්ශනයකට මිස් එ්ප්‍රිල් ලෙස පෙනී සිටි ඇය, ඇගේ කදිම ඡායාරූපය සහිත මේ කැලැන්ඩරය පුටින්ට තිළිණ කර තිබුනා.

ඇය පසුව ඔහුට තිළිණ කළේ පූස් පැටියකු වඩාගත් තමන්ගේ රුව සහිත ඡායාරූපයක්.

එම පූස් පැටවා පුටින්ට යන්න එහි ලියා තිබුනා.

එම සම්බන්ධය කෙතරම් දුරදිග ගියේද යත් ඇයට මොස්කව් නුවරින් මහල් නිවාසයක් ද ලබා දීමට පුටින් කටයුතු කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top