Hirunews Logo
Jacob+Thompson+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AC%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 22 November 2017 - 12:21
Jacob Thompson නත්තලට පෙර නත්තල සමරා සියල්ලන් හඬවමින් අවසන් ගමන් යයි
115

Shares
13,871

Views
අතිශය දරුණු මොලයේ පිළිකාවකින් පෙලුන ඇමරිකාවේ Jacob Thompson නමැති පුංචි දරුවා අවුරුදු 4ක් එම පිළිකාව හා සටන් කර අවසානයේ මෙලොව හැරගොස් ඇති බව ඔහුගේ දෙමාපියන් සඳහන් කර තිබෙනවා.

පසුගිය 19 වන දා ඔහු සිය කෙටි ජීවිතයෙන් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 9ක්.

විශේෂත්වය වන්නේ ඒ වනවිටත් ජාකොබ් තොම්සන් වෙනුවෙන් ලොව නං දෙසින් නත්තල් සුබ පැතුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබීමයි.

ඔහු ඒවා රස විඳින අයුරු දැක්වෙන වීඩියෝවක් ද ඔහු වෙනුවෙන් වෙන්වූ ෆේස් බුක් පිටුවේ පළ වී තිබෙනවා.

ඔහු මෙලොව හැර ගියත් ඔහුගේ සුරතල් බල්ලා, ජාකොබ්ගේ බ්ලන්කට්ටුව උඩ ඒ සුවඳ විඳිමින් සිටින අයුරුද එහි එක් ඡායාරූපයකින් දැක්වෙනවා.

ජාකොබ්ගේ මොළයේ නියුරෝ බ්ලාස්‌ටෝමා(Neuroblastoma) නමැති දරුණු ගණයේ මොළයේ ස්‌නායු සම්බන්ධ පිළිකාවක්‌ හටගෙනඇති බවයි 2014 වසරේදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබුනේ.

පසුගිය ඔක්‌තෝබර් මාසයේදී වෛද්‍යවරු ජාකොබ්ගේ දෙමාපියන්ට උහුලාගත නොහැකි පුවතක් දැනුම් දුන්නා.

ඒ, දරුවා වැඩිකල් ජීවත් නොවන බවයි.

වෛද්‍යවරුන් මේ බව කියා සිටියේ ජාකොබ්ට බොහෝ ප්‍රතිකාර කළත් ඉන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු නිසාවෙන්.

ජාකොබ් ගැන සමාජ ජාලා හා මාධ්‍ය ඔස්සේ දැනගත් ලොව බොහෝ දෙනා ඔහු නේවාසිකව ප්‍රතිකාර ගත් රෝහල වෙත ඔහු වෙනුවෙන් නත්තල් සුබ පැතුම්පත් තොග ගණනින් එවන්නට වුනා.

"පුතාට නත්තල වෙනුවෙන් කලින්ම සුබ පැතුම් පත් ලැබුණු නිසා එයා කලින්ම නත්තල සමරා අපිව දාලා ගියා"

අසන දකින අයගේ සිත් සසල කරමින් ජාකොබ්ගේ දෙමාපියෝ සිය පුතු මිය ලෝකයට එසේ සැල කළා.

පෙන්ගුවින්ලාට බෙහෙවින් ප්‍රිය කළ ඔහු විශාල ප්‍රමාණයේ සෙල්ලම් පෙන්ගුවින් කෙනෙකු හා සෙල්ලම් බේබි පෙන්ගුවින් කෙනෙකු සිය ඇඳේ හැමවිට ම තාගෙන සිටියා.

"ඒ වගේම මතක තබා ගන්න පෙන්ගුවින් වගේ ජීවත් වෙන්න"

සුරතල් ජාකොබ් වෙනුවෙන් ආදරණිය දෙමාපියන් ලෝකයට මතක් කරන්නේ එවැන්නක්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top