Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A
Wednesday, 22 November 2017 - 16:23
ශ්‍රී ලංකාවට උඩින් යන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නොදත් දේ
154

Shares
18,484

Views
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවාසීන්ට අද දිනයේදී පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව නාසා ආයතනය පවසනවා.

පස්වරු 6.25 ට නිරිත දිග දිශාවෙන් ගමන් ගන්නා එය විනාඩි 5 ක කාලයක් මෙලෙස දිස්වන බවයි එම ආයතනය සදහන් කළේ.

දැනට අභ්‍යාවකාශයේ පවතින මිනිසා විසින් නිශ්පාදිත දැවැන්තම වස්තුව ලෙසටයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන්නේ.

එහි මේවන විට ගගනගාමීන් 6 දෙනෙකු සිටින අතර වෛද්‍යවරයෙක් ද එම පිරිසට අයත්.

මෙම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු කුමක්ද ?

එය මිනිසුන් කිහිප දෙනෙකුට වාසය කළ හැකි වන ලෙස පහළ පෘථිවි කක්ෂය තුල රඳවා ඇති විශාල කෘතීම චන්ද්‍රිකාවක් නැතහොත් යානාවක් ලෙස එය හැඳින්විය හැකියි.

මෙය  ඇමරිකානු  NASA, රුසියානු Roscosmos (Russia's Federal Space Agency), ජපාන JAXA (Japan Aerospace Exploration Agency), යුරෝපා ESA (European Space Agency), සහ කැනේඩියානු  CSA (Canadian Space Agency) යන අන්තර්ජාතික අභ්‍යාවකාශ ඒජන්සි 5ක (රටවල් 15ක් අයත්වන) ඒකාබද්ධ ව්‍යාපෘතියක්.

මෙය තැනීමේ මුලිකම පරමාර්ථය වී ඇත්තේ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ තත්ව යටතේ ජීව විද්‍යාව, මානව ජීව විද්‍යාව, භෞතික විද්‍යාව , තාරකා විද්‍යාව සහ  අනෙකුත් සියලු අංශයන්ගේ පර්යේෂණ පැවත්වීමට හැකි පර්යේෂණාගාරයක් ලෙස භාවිතයට  ගැනීමයි.

ඉදිරි අභ්‍යාවකාශ ගමන්වලට යොදා ගන්නා උපකරණ අත්හදා බැලීමේ පර්යේෂණාගරයක් ලෙසත් මෙය යොදා ගැනෙනවා.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත්තේ පෘථිවියේ සිට ගෙනයන ලද කොටස් අභ්‍යවකාශයේදී එකලස් කිරීම මගින්.

එසේ ගෙනගිය පළමු කොටස වන්නේ 1998 නොවෙම්බර් 20 ගෙන ගිය රුසියානු Zarya මොඩුයුලය වන අතර ඉන් වසර දෙකකට පසු එනම්  2000 නොවෙම්බර් 2 දින පළමු පර්යේෂණ  කණ්ඩායම මෙය වෙත ළඟා වුනා.

එකවර ගගනගාමින් 6 දෙනෙකුට නවාතැන් ගැනීමේ පහසුකම් මෙහි පැවතීම විශේෂත්වයක්.

අපේ මහා පොළොවට වඩා සැතපුම් 205 - 270 (කිලෝමීටර 330 - 435) ක් අතර උසකින්,  පැයට සැතපුම් 17500 ක පමණ වේගයෙන් මෙය පෘථිවිය වටා භ්‍රමණය වෙමින් පවතිනවා.

සෙසු සෑම අභ්‍යවකාශ වස්තූන් මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයද තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් පවතින අතර එක් භ්‍රමණ වාරයක් සඳහා මිනිත්තු 92.65ක් වැය වනවා.

ඒ අනුව දිනක කාලයක් තුළ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය භ්‍රමණ වාර 15.54ක් සම්පූර්ණ කරන අතර එහි භ්‍රමණ වේගය සැලකෙන්නේ පැයට කිලෝමීටර් 7.67ක් ලෙසයි.

මෙය දිගින්  මීටර 72.8 ක් (239 අඩි) වන අතර පළල මීටර 108.5ක් (356 අඩි) වනවා.

උස මීටර 20ක් (66 අඩි) වන අතර මුළු බර කිලෝ ග්‍රෑම් 419,455 පමණ වනවා.

මිනිස් ඉතිහාසයේ එතෙක් මෙතෙක් කළ දැවැන්තම විද්‍යාත්මක ඉංජිනේරු ව්‍යාපෘතියක් ලෙසයි මෙය සැලකෙන්නේ.

එමෙන්ම මිනිසා විසින් අභ්‍යාවකාශයට යවන ලද විශාලම නිර්මාණය ද වන්නේ මෙයයි.

2020 පමණ වනතෙක් පමණක් මෙම මධ්‍යස්ථානය භාවිතා කිරීමට මුලින් සැලසුම් කර තිබුන ද , එය දැන් වෙනස් වී තිබෙනවා.

මේ අභ්‍යවකාශ නැවතුමට මුළුමනින්ම බලය ලබා ගන්නේ සූර්යයාගෙන් වන අතර ඒ සඳහා අධිබලැති සූර්ය පැනල මෙහි සවි කර තිබෙනවා.

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන පරිගණක 52ක්ද මෙහි ස්ථාපිතයි.

මෙහි නේවාසික වන අභ්‍යවකාශගාමීන්ට සියලු පහසුකම් හිමිවන අතර ඒ සඳහා වෙන් වූ නිදන කාමර පහක්ද ඇති අතර වැඩි ඉඩක් වෙන් වන්නේ පර්යේෂණාගාර වෙනුවෙන්නි.

සේවා කාලයෙන් පසුව විනෝදය සහ විවේකය ලැබීමට අවශ්‍ය නම් අභ්‍යවකාශයට ගොස් සෙල්ෆි ගැසීමේ අවස්ථාවද මෙහි සේවයට එක් වන අභ්‍යවකාශගාමීන්ට හිමි වනවා.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගොවිපොළක්ද මෙහි ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි ක්‍රියාකාරිත්වය දැක්වෙන වීඩියෝවක් පහතින්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top